Last Update  :  2025-12-23 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කර්ට්නිට ප්‍රධාන පුහුණුකරු වියහැකියි - අක්‍රම් ඛාන්

කර්ට්නිට ප්‍රධාන පුහුණුකරු වියහැකියි - අක්‍රම් ඛාන්

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය අතර ආරම්භ වීමට නියමිත විස්සයි 20 තරගාවලිය සඳහා බංග්ලාදේශ ජාතික කණ්ඩාමේ අන්තර් ප්‍රධාන පුහුණුකරු ලෙස  කර්ට්නි වෝල්ෂ් මහතා කටයුතු කිරීමට ඉඩ ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් මෙහෙයුම් සභාපති අක්‍රම් ඛාන් මහතා පැවසීය.

කර්ට්නි වෝල්ෂ් මහතා දැනටමත් බංග්ලාදේශ වේග පන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කරයි. බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ චන්දික හතුරුසිංහ මහතා සිය ධුරයෙන් ඉවත් වීමත් සමඟ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට කර්ට්නි වෝල්ෂ් මහතාට පැවරිණි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවති නිදහස් කුසලාන තරගාවලියේදී බංග්ලාදේශ  කණ්ඩායම අවසන් මහ තරගය දක්වා ගෙන යාමට මෙහෙයවන ලද්දේද කර්ට්නි වෝල්ෂ් මහතා විසිනි.

“අපට ගැලපෙන ප්‍රධාන පුහුණුකරුවෙකු සොයා ගත නොහැකි නම්, අපගේ නිලධාරි මණ්ඩලය සමග ඉදිරි තරගාවලියට මුහුණ දීමට සිදුවෙනවා. පසුගිය සංචාරයේදී නම් කර්ට්නි ප්‍රධාන පුහුණුකරු හැටියට හොඳින් කටයුතු කළා. අපට ඔහු ගැනත් බලාපොරොත්තු තියන්න පුලුවන්..” යැයි අක්‍රම් ඛාන් මහතා මීර්පූර්හි පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

අක්‍රම් මහතා ප්‍රකාශ කර ඇති පරිදි බංග්ලාදේශ ක්‍රීඩා සංවර්ධන පුහණුකරු ලෙස සොහේල් ස්ලාම් මහතාද, අවුරුදු 17න් පහළ කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන රිචඞ් හැල්සන් මහතා පන්දු රැකීමේ පුහුණුකරු ලෙසද ඉදිරි සංචාරයේදී කණ්ඩායම මෙහෙවනු ලැබේ.

ඉදිරියේදී බංග්ලාදේශය ඇෆ්ඝනිස්තානු සංචාරයෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් සංචාරයකටද සහභාගි වීමට නියමිතය.

මෙම සංචාර දෙකම සැලකිල්ලට ගනිමින් ඊයේ (13) බංග්ලාදේශ ක්‍රීඩකයින් 31 දෙනෙකු සඳහා පුහුණු සැසියක්ද ආරම්භ විය.

ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වෙන විස්සයි 20 තරගාවලිය ජුනි මස 3 වැනිදායින් ආරම්භ වන අතර, අනෙක් තරග පිළිවෙලින් ජුනි 5 හා 7 යන දිනයන්හීදි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.  

 

- 024


අදහස් (0)

කර්ට්නිට ප්‍රධාන පුහුණුකරු වියහැකියි - අක්‍රම් ඛාන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.