Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කරන්දෙණිය මැදි විදුහලට ලකුණු 84 ක ජයක්

කරන්දෙණිය මැදි විදුහලට ලකුණු 84 ක ජයක්

ශනුක අරවින්ද - 2014 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යාපනය දිස්ති‍්‍රක්කයේදී පැවැත්වෙන මුරලි සාම කුසලාන කි‍්‍රකට් (පිරිමි) තරගාවලියේ ඊයේ (29 වැනිදා) පැවැති තරග වලින් ජය ලැබීමට කොළඹ ආනන්ද, බම්බලපිටිය ශාන්ත පීතර, ගාල්ල රිච්මන්ඞ්, කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය, සීනිගම ගුණ ජය සතුට පදනම කණ්ඩායම සහ මොරටුව වේල්ස් කුමර විදුහල් කණ්ඩායම් සමත්වූහ.

ඊයේ පැවැති තරග වලදී කරන්දෙණිය මැදි විදුහල විසින් ලකුණු 84 කින් බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහල පරාජය කරන ලදි.

මීගමුව මාරිස්ටෙලා විදුහල සහ පොළොන්නරුව ඒකාබද්ද විදුහල් පිල අතර පැවැති තරගයද, රත්ගම දේවපතිරාජ විදුහල සහ මන්නාරම සහ වවුනියා ඒකාබද්ධ විදුහල් පිල අතර පැවැති තරගයද වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදුවිය.

තරගාවලියේ ඊයේ (29 වැනිදා) පැවැති කාන්තා තරගයකින් ජය ලැබීමට ශක්ති කාන්තා පිල සමත්විය. කුරුණෑගල යූත් කී‍්‍රඩා සමාජ පිල ලකුණු 79 කින් පරාජය කරමින් ඔවුහු එම ජයග‍්‍රහණයට හිමිකම් කීහ.

ඊයේ දිනයේදී මාතලේ කාන්තා පිල සහ බදුල්ල කාන්තා පිල අතර පැවැති තරගයද, නිට්ටඹුව කාන්තා පිල සහ සීනිගම ගුණ ජය සතුට පිල අතර පැවැති තරගයද වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදුවිය.

ඊයේ පැවැති තරග (පිරිමි) වල ප‍්‍රතිඵල

  • කොළඹ ආනන්දු විදුහල විසින් ලකුණු 28 කින් යාපනය ඒකාබද්ධ විදුහල් පිල පරාජය කරන ලදි.
  • බම්බලපිටිය ශාන්ත පීතර විදුහල විසින් කඩුලූ 8 කින් කිලිනොච්චි සහ මුලතිව් ඒකාබද්ධ විදුහල් පිල පරාජය කරන ලදි.
  • ගාල්ල රිච්මන්ඞ් විදුහල විසින් කඩුලූ 5 කින් ති‍්‍රකුණාමලය සහ මඩකලපුව ඒකාබද්ධ විදුහල් පිල පරාජය කරන ලදි.
  • සීනිගම ගුණ ජය සතුට පිල විසින් කඩුලූ 4 කින් බදුල්ල සහ මොණරාගල ඒකාබද්ධ විදුහල් පිල පරාජය කරන ලදි.
  • කරන්දෙණිය මැදි විදුහල විසින් ලකුණු 84 කින් බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහල පරාජය කරන ලදි.
  • මොරටුව වේල්ස් කුමර විදුහල විසින් ලකුණු 18 කින් යාපනය දිස්ති‍්‍රක් ඒකාබද්ධ ජාත්‍යන්තර පාසල් පිල පරාජය කරන ලදි.
  • මීගමුව මාරිස්ටෙලා විදුහල සහ පොලොන්නරුව ඒකාබද්ධ විදුහල් පිල අතර පැවැති තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
  • රත්ගම දේවපතිරාජ විදුහල සහ මන්නාරම සහ වවුනියා ඒකාබද්ධ විදුහල් පිල අතර පැවැති තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

ඊයේ දිනයේ පැවැති (කාන්තා) තරග වල ප‍්‍රතිඵල

  • ශක්ති කාන්තා පිල විසින් ලකුණු 79 කින් කුරුණෑගල යූත් කී‍්‍රඩා සමාජ පිල පරාජය කරන ලදි.
  • මාතලේ කාන්තා පිල සහ බදුල්ල කාන්තා පිල අතර පැවැති තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
  • නිට්ටඹුව කාන්තා පිල සහ සීනිගම ගුණ ජය සතුට පිල අතර පැවැති තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

-036


අදහස් (0)

කරන්දෙණිය මැදි විදුහලට ලකුණු 84 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.