අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ කැලණිය ධර්මාලෝක විදුහල සහ කරන්දෙණියේදී පැවති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට කරන්දෙණිය මැදි විදුහල සමත්විය. තරගය නිමා වනවිට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි කරන්දෙණිය මැදි විදුහල කඩුල්ලක් දැවී ලකුණු 76 ක් ලබාසිටියේය.
ඔවුන් පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු 231 ට පිළිතුරු වශයෙන් ධර්මාලෝක විදුහලට ලබාගත හැකිවූයේ ලකුණු 155 ක් පමණි.
කරන්දෙණිය මැදි විදුහලේ අකිල දිල්හාර ලකුණු 46 කට කඩුලූ 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
කරන්දෙණිය මැදි විදුහල - පළමු ඉනිම - ඕවර 62.5 කදී සියලූදෙනා දැවී 231
(කාවින්ද රාජරත්න 61, චමත් දිල්ෂාන් 35, දමිත් ප‍්‍රසන්ක 25, මලින් අකලංක 25, තිවංක කැකුළවල 57/4)
ධර්මාලෝක විදුහල - පළමු ඉනිම - ඕවර 60 කදී සියලූදෙනා දැවී 155
(කුසල් අෂේන් 30, තිවංක කැකුළවල 27, රිසිත් උපමාල් 26, පුන්සර විමලගුණසේකර 22, නිෂාන් හසරැල් 21, අකිල දිල්හාර 46/4, සඳරුවන් ධර්මපි‍්‍රය 3/2, කාවින්ද රාජරත්න 27/2)
කරන්දෙණිය මැදි විදුහල - දෙවැනි ඉනිම - ඕවර 18 කදී එක් කඩුල්ලක් දැවී 76
(නඳුන් මනමේඛල නොදැවී 60)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.