‘ජෝන් හලන්ගොඩ’ අනුස්මරණ කුසලාන වෙනුවෙන් මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර අස්ගිරිය ක‍්‍රීඩාංගණයේදී පැවැති 98 වැනි ‘කන්ද උඩරට නිල් මහ සටන’ වාර්ෂික මහතා ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය.
තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ ඊයේ (15) පස්වරුවේ තරගය අවසන් වන විට ශාන්ත අන්තෝනි විදුහල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 8 ක් දැවී ලකුණු 124 ක් ලබා සිටියේය. මෙහිදී ශාන්ත අන්තෝනි විදුහල් ක‍්‍රීඩකයෝ ප‍්‍රබල ත‍්‍රිත්ව විදුහල් පිල ලකුණු 187 කට සීමා කරමින් ලකුණකින් පළමු ඉනිමේ ජය ලැබීම කැපී පෙනුණි.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ ත‍්‍රිත්ව විදුහල් පිලේ රවීන් සේයර් තුන් ඉරියව් දස්කම් දක්වමින් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය. ශාන්ත අන්තෝනි විදුහලේ බුවනක විජේතුංග දක්‍ෂතම පිතිකරු ලෙස ද, එම විදුහලේම නිරෝද් ධනංජය දක්‍ෂතම පන්දු රකින්නා ලෙස ද, සම්මාන ලැබූහ.
ත‍්‍රිත්ව විදුහලේ චරිත් සුධාරක ඉනිම දෙකේදී කඩුලූ 6 ක් දවා ගනිමින් තරගයේ දක්‍ෂතම පන්දු යවන්නා සම්මාන හිමිකර ගත්තේය.
ශාන්ත අන්තෝනි විදුහල - පළමු ඉනිම සියලූ දෙනා දැවී 188
(කනිෂ්ක උග්ගල්පාය 39, බුවනක විජේතුංග 42, චරිත් සුධාරක 15/3, රවීන් සේයර් 57/3)
ත‍්‍රිත්ව විදුහල පළමු - ඉනිම සියලූ දෙනා දැවී 187
(නුෂාන් වීරසිංහ 55, රොන් චන්ද්‍රගුප්ත 31, රවීන් සේයර් නොදැවී 43, නිමේෂ ගුණසිංහ 45/5, ඩිලාන් ජයලත් 25/2)
ශාන්ත අන්තෝනි විදුහල - දෙවැනි ඉනිම කඩුලූ 8 ට 124
(නිමේෂ ගුණසිංහ 17, ඩිලාන් බණ්ඩාර 28, බුවනක විජේතුංග 29, චරිත් සුදාරක 16/3, අම්රිත් ශ්‍රීමහන් 24/2, රවීන් සේයර් 40/2)
ත‍්‍රිත්ව විදුහල - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 7
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.