Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයර්ලන්තයට එරෙහිව ඩබ්ලින් නුවරදී පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් ක්‍රමයට අනුව ලකුණු 197 ක පහසු ජයක් ලැබූ බටහිර ඉන්දීය කොදෙව්වෝ දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත් කළහ. තරගාවලියේ පළමු තරගයේ ජය අයර්ලන්තය සතු වූ අතර දෙවැනි තරගය වැස්සට සේදී ගියේය.
වර්ෂාව හේතුවෙන් ඕවර අඩු කිරීම නිසා ජයග්‍රහණය සඳහා ලකුණු 363 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත කණ්ඩායමට ඕවර 29.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ 165 ක් පමණි. අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කැඩ් කාර්මිචෙල් පන්දු 61 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 48 ක් රැස්කළ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජේඩ්න් සීල්ස්, නිලකුණු ඕවර 2 ක්ද යවමින් ලකුණු 26 කට කඩුලු 3 ක් බිඳහෙළීය.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව්වෝ ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 385 ක් ලබාගත් අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ කීසි කාති පන්දු 143 කදී ලකුණු 170 ක් රැස්කළේ හයේ පහර 8 ක් සහ හතරේ පහර 15 ක් සමගිනි. නායක ශායි හෝප් (75) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 147 කදී ලකුණු 137 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කාති සමත් විය.
පන්දු 75 කදී වාර්තා වූ හෝප්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 9 කින් සමන්විත වූ අතර ජස්ටින් ග්‍රේව්ස් පන්දු 23 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග වේගවත් ලකුණු 50 ක් රැස්කරමින් කොදෙව් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 350 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය. එහිදී බැරී මැකාති කඩුලු 3 ක් දවාගැනීමට සමත් වුවද, දැඩි ප්‍රහාරයකට ලක්වූ ඔහු ප්‍රතිවාදීන්ට ලකුණු 100 ක් ලබාදුන්නේය.
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 385
(කීසි කාති 170, ශායි හෝප් 75, අමිර් ජැන්ගෝ 22, ජස්ටින් ග්‍රේව්ස් 50, බැරී මැකාති 100/3, ලයෑම් මැකාති 93/2)
අයර්ලන්තය - ඕවර 29.5 කදී සියලු දෙනා දැවී 165
(පෝල් ස්ටර්ලින් 26, කැඩ් කාර්මිචෙල් 48, ලෝකන් ටකර් 29, ජෝජ් ඩොක්‍රෙල් 23, ඇන්ඩි මැක්බ්‍රයන් 28, ජේඩ්න් සීල්ස් 26/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.