Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කටුනේරිය ශා. සෙබස්තියනට අසිත ජය ගෙනෙයි

කටුනේරිය ශා. සෙබස්තියනට අසිත ජය ගෙනෙයි

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අසිත මධුසංකගේ දක්ෂ පන්දුයැවීම හේතුවෙන් කෑගල්ලේදී පැවැති අන්තර් පාසල් ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින් කෑගල්ල ශාන්ත මරියා විදුහලට එරෙහිව කඩුලූ 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සමත්විය.

ශ්‍රී ලංකා 17 න් පහළ කණ්ඩායම නියෝජනය කරන දකුණත් වේගපන්දු යවන කී‍්‍රඩක අසිත මධුසංක ලකුණු 93 කට ශාන්ත මරියා විදුහලේ කඩුලූ 11 ක් දවාගනිමින් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය.

දෙපිලේම පළමු ඉනිමේ ලකුණු සම වීම නිසා තරගය ජය ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහලට ලකුණු 123 ක ඉලක්කයක් හිමිවිය. එහිදී එක් අන්තයක කඩුලූ එක පිට එක බිඳ වැටෙද්දී, අනිත් අන්තය රැකගෙන පන්දුවට පහරදුන් ශෙහාන් දිනුක නොදැවී 41 ක් රැස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

ශාන්ත මරියා විදුහල පළමු ඉනිම ඕවර 51 කදී සියලූදෙනා දැවී 161
(නුරාජ් රත්නායක 37, ගජිත කොටුවෙගොඩ 33, ඉසුරු විජේරත්න 21, චතුර නිෂාඞ් 37/4, අසිත මධුසංක 39/4)

ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම ඕවර 35 කදී සියලූදෙනා දැවී 161
(විනෝද් අශාන් නොදැවී 28, ශෙරෝන් යොමාල් 26, රොශේන් කි‍්‍රෂ්මන්ත 24, ඉසුරු විජේරත්න 28/3, තිමිර සුපුන් 29/3, අලංක ළහිරු 42/3)

ශාන්ත මරියා විදුහල දෙවැනි ඉනිම ඕවර 29 කදී සියලූදෙනා දැවී 122
(මධුෂාන් විජේසේකර 37, ඉසුරු විජේරත්න 18, තිමිර සුපුන් 18, අසිත මධුසංක 54/7, රොශේන් කි‍්‍රෂ්මන්ත 25/2)

ශාන්ත සෙබස්තියන් විදුහල දෙවැනි ඉනිම ඕවර 40.3 කදී කඩුලූ 8 කට 123
(ශෙහාන් දිනුක නොදැවී 41, දිනේෂ් ධනංජය 37, තිමිර සුපුන් 36/5, ඉසුරු විජේරත්න 53/2)

036


අදහස් (0)

කටුනේරිය ශා. සෙබස්තියනට අසිත ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.