Last Update  :  2026-03-31 13:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඒස් කැපිටල් පිලට කඩුලු 7 ක ජයක්
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

ඒස් කැපිටල් පිලට කඩුලු 7 ක ජයක්

editorial - 2026 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය පෙරේදා (29 වැනිදා) සමත්විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 127 ක ඉලක්කයක් හඹාගිය ඒස් කැපිටල් ක්‍රීඩකයෝ කඩුලු 3 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. පළමු ඉනිමේදී අර්ධ ශතකයක් (88) ලබාගත් රනේෂ් සිල්වා, දෙවැනි ඉනිමේදී ඊට නොදෙවෙනි පිතිහරඹයක නිරත වෙමින් හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 45 ක් රැස්කළේ සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කරමිනි. 

මෙම තරගයේදී රනේෂ් සිල්වාට අමතරව පවන් පතිරාජ (68) රොෂාන් ජයතිස්ස (56) සහ පවන්ත වීරසිංහ (60) ඒස් කැපිටල් කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ලබාගත්හ. පොලිසිය වෙනුවෙන් නදීර බාලසූරිය (130) ශතකයක්ද, ප්‍රියමාල් පෙරේරා (83) සහ අෂේන් බණ්ඩාර (69) අර්ධ ශතකද ලබාගැනීමට සමත් වූහ. 

ඉසිත විජේසුන්දර පොලිස් පළමු ඉනිමේදී ලකුණු 76 කට කඩුලු 3 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 53 කට කඩුලු 4 ක් දවාගනිමින් ඉනිම් දෙකේදීම කඩුලු 7 කට හිමිකම් කීවේය. එම කණ්ඩායමේම වනුජ සහන් ලකුණු 52 කට කඩුලු 5 ක් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. පොලිස් කණ්ඩායමේ දිලුම් සුදීර කඩුලු 5 ක් දවාගැනීමට සමත් වූයේ ප්‍රතිවාදීන්ට ලකුණු 139 ක් ලබා දෙමිනි.  

 


පොලිසිය පළමු ඉනිම - සියලු දෙනා දැවී 286 
(සංගීත් ෂෙහාර 40, නදීර බාලසූරිය 130, ප්‍රියමාල් පෙරේරා 83, චමෝද් බට්ටගේ 57/3, ඉසිත විජේසුන්දර 76/3) 

ඒස් කැපිටල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 310 
(පවන්ත වීරසිංහ 43, පවන් පතිරාජ 68, රනේෂ් සිල්වා 88, රොෂාන් ජයතිස්ස 56, දිලුම් සුදීර 139/5, රෂ්මික හිරුෂාන් 41/4) 

පොලිසිය දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 150 
(අෂේන් බණ්ඩාර 69, වනුජ සහන් 52/5, ඉසිත විජේසුන්දර 53/4) 

ඒස් කැපිටල් දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 127 
(පවන්ත වීරසිංහ 60, රනේෂ් සිල්වා නොදැවී 45, දිලුම් සුදීර 48/3)
 


අදහස් (0)

ඒස් කැපිටල් පිලට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.