Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එස්. එස්. සී. පිලට කඩුලූ 9 ක ජයක්

එස්. එස්. සී. පිලට කඩුලූ 9 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් කී‍්‍රඩා සමාජ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (07 වැනිදා) පැවති තරගයකදී හලාවත මේරියන්ස් පිල පරදවා කඩුලූ 9 කින් ජය ගැනීමට එස්.එස්.සී පිල සමත්විය. මෙම තරගය එස්.එස්.සී ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

එස්.එස්.සී පිල කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට හලාවත මේරියන්ස් පිලට ආරාධනා කළ අතර මේරියන්ස් පිලට  ඕවර 26 කදී සියලූ දෙනා දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 90 ක් පමණි.

ලකුණු 91 ක ඉලක්කයක් හඹාගිය එස්.එස්.සී පිල  ඕවර 15.4 කදී කඩුලූ 1ක් පමණක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. පන්දු 52 කදී හතරේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 51 ක් රැස් කිරීමට දිමුත් කරුණාරත්න සමත්විය.

 

හලාවත මේරියන්ස්  ඕවර 26 කදී සියලූ දෙනා දැවී 90

(උමේෂ් කරුණාරත්න 22, ධම්මික ප‍්‍රසාද් 24/3, අමිල් ප‍්‍රසාද් 16/2, චරිත් ජයම්පති 23/2, උපුල් බණ්ඩාර 24/2)

එස්.එස්.සී  ඕවර 15.4 කදී කඩුලූ 1ක් දැවී 92
(දිමුත් කරුණාරත්න නොදැවී 51)

 


අදහස් (0)

එස්. එස්. සී. පිලට කඩුලූ 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.