Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එස්. එස්. සී. පිල සිංගප්පූරුවේදී අනුශූරතාව හිමිකරගනී

එස්. එස්. සී. පිල සිංගප්පූරුවේදී අනුශූරතාව හිමිකරගනී

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

සිංගප්පූරුවේදී පැවැති සිංගප්පූරු ක‍්‍රිකට් සමාජ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ අනු ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ සිංහල ක‍්‍රීඩා සමාජ (එස්.එස්.සී.) පිල සමත් විය.

අවසන් පූර්ව වටයේදී  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් කි‍්‍රකට් සමාජ පිල පරාජය කරමින් අවසන් මහ තරගයට පිවිසියද අවසන් මහ තරගයේදී එස්. එස් සී. පිල ඉන්දියාවේ මදුරාසි ක‍්‍රිකට් සමාජ පිල හමුවේ ලකුණු 23 කින් පරාජයට පත්විය.

ශ්‍රී ලංකා යොවුන් පිතිකරු දිමුත් කරුණාරත්න නායකත්වය දැරූ එස්. එස්. සී. පිලට දිමුත් කරුණාරත්න, තරංග පරණවිතාන, තිළිණ කණ්ඩම්බි, චාමර කපුගෙදර සහ සචිත‍්‍ර සේනානායක ක‍්‍රීඩා කළහ.

පන්දු යැවිමේ ඉරියව්ව නීති විරෝධී යැයි අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ තහනමකට ලක්ව සිටින සචිත‍්‍ර සේනානායක මෙහිදී පිතිකරුවකු ලෙස පමණක් ක‍්‍රීඩා කළේය. අවස්ථානුකූලව වේගයෙන් ලකුණු ලබාගැනීමේ මනා හැකියාවකින් යුත් සචිත‍්‍ර සේනානායක දක්‍ෂ පන්දු රකින්නකුද වන බැවින් ඔහුගෙන් හොද සේවයක් කණ්ඩායමට ලැබේ.


අවසන් මහ තරගය
මදුරාසි ක‍්‍රිකට් සමාජ පිල  ඕවර 18 කදී කඩුලූ 7 ට 147 (ආර්. සතිෂ් 32, කේ. බදානි 27, එම්. සංජීව් 36, උපුල් බණ්ඩාර 50/2, ධනුෂ්ක ගුණතිලක 23/2)

එස්. එස්. සී. පිල  ඕවර 17 කදී සියලූ දෙනා දැවී 124 (ධනුෂ්ක ගුණතිලක 32, චාමර කපුගෙදර 11, තිළිණ කණ්ඩම්බි 35, උපුල් බණ්ඩාර 14, ලක්‍ෂ්මිපති බලාජි 31/4, එස්. මෙදප්පා 20/2)

 

අවසන් පූර්ව තරගය
මෙල්බර්න් ක‍්‍රිකට් සමාජ පිල  ඕවර 20 කදී කඩුලූ 4 ට 160 (මැතිව් බ‍්‍රවුන් 37, සෙබ් ගොට්ච් 43, විල් රයන් 22, ලින්කන් එඞ්වඞ් නොදැවී 27, උපුල් බණ්ඩාර 22/2)

එස්. එස්. සී. පිල  ඕවර 17.1 කදී කඩුලූ 5 ට 165 (ධනුෂ්ක ගුණතිලක 21, දිමුත් කරුණාරත්න 38, චාමර කපුගෙදර 26, තිළිණ කණ්ඩම්බි නොදැවී 38, දසුන් ශානක 30, පැට්ටි‍්‍රක් ස්මිත් 32/3)

 

- 048


අදහස් (1)

එස්. එස්. සී. පිල සිංගප්පූරුවේදී අනුශූරතාව හිමිකරගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.