ශ්රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර පවැත්වෙන එක්දින සහ විස්සයි:20 තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ උප නායකත්වයට ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩිකාවක් වන ඒෂානි ලොකුසූරිය පත්කර තිබේ. චමරි අතපත්තු තව දුරටත් ශ්‍රී ලංකා පිලේ නායිකාව ලෙස කටයුතු කරන්නීය.
ශ්‍රී ලංකා පිල සහභාගි වූ අවසන් තරගාවලිය වන පාකිස්තානු තරගාවලියේදී උප නායිකාව ලෙස කටයුතු කළ නවක ක‍්‍රීඩිකා හසිනි පෙරේරා අතිරේක ලැයිස්තුවට වැටී තිබේ. හිටපු තේරීම් කමිටුව ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩිකාවන් රැසක් මග හරිමින් නවක ක‍්‍රීඩිකාවකට උප නායකත්වය පැවරීම එම තරගාවලිය සමයේදී දැඩි විවේචනයට ලක්විය.
ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම:
චමරි අතපත්තු (නායිකා), ඒෂානි ලොකුසූරිය (උප නායිකා), ප‍්‍රසාදිනී වීරක්කොඩි, නිපුනි හංසිකා, ස`දුනි අබේවික‍්‍රම, ඩිලානි මනෝදර, ශෂිකලා සිරිවර්ධන, ශ්‍රීපාලි වීරක්කොඩි, අමා කාංචනා, ඉනෝකා රණවීර, සුගන්තිකා කුමාරි, ලසන්ති මධුෂානි, චතුරානි ගුණවර්ධන සහ මධුරි සමුදිකා
අතිරේක ක‍්‍රීඩිකාවෝ:
යශෝධා මෙන්ඩිස්, ඕෂදී රණසිංහ, උදේෂිකා ප‍්‍රබෝදනී, අචිනි කුලසූරිය, හසිනි පෙරේරා, චමරි පොල්ගම්පොල සහ නිලක්‍ෂි සිල්වා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.