Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එල්.බී, සිලුඒටා, කැන්රිච් සහ ඩිමෝ ජය ලබති

එල්.බී, සිලුඒටා, කැන්රිච් සහ ඩිමෝ ජය ලබති

රොෂාන් ගුණරත්න - 2018 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරග 4 ක් ඊයේ (19 වැනිදා) පැවැති අතර ඉන් ජය ගැනීමට එල්.බී.ෆිනෑන්ස්, මාස් සිලුඒටා, කැන්රිච් ෆිනෑන්ස් සහ ඩිමෝ යන කණ්ඩායම් සමත්වූහ.

පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී හේලීස් පිලට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට එල්.බී.ෆිනෑන්ස් පිල සමත්වූ අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ජෝන් කීල්ස් පිල ලකුණු 32කින් පරාජය කිරීමට මාස් සිලුඒටා පිල සමත්විය. වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී කොමර්ෂල් ක්‍රෙඩිට් පිලට එරෙහිව කඩුලු 2 ක ජයක් හිමිකර ගැනීමට කැන්රිච් ෆිනෑන්ස් පිල සමත්වූ අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති අනෙක් තරගයේදී සම්පත් බැංකු පිල කඩුලු 3 කින් පරාජය කිරීමට ඩිමෝ පිල සමත්විය.

මාස් සිලුඒටා පිලේ සංගීත් කුරේ (114) සහ කැන්රිච් ෆිනෑන්ස් පිලේ ඕෂධ ප්‍රනාන්දු (133) ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර හේලීස් පිලේ ළහිරු තිරිමාන්න (84), එල්.බී.ෆිනෑන්ස් පිලේ චරිත් අසලංක (නොදැවී 81) සහ සධීර සමරවික්‍රම (නොදැවී 80), මාස් සිල්ඒටා පිලේ සාලින්ද උෂාන් (53), කොමර්ෂල් ක්‍රෙඩිට් පිලේ ළහිරු මදුසංක (51) සහ චතුරංග ද සිල්වා (50), සම්පත් බැංකු පිලේ චරිත බුද්ධික (55) සහ ඩිමෝ පිලේ රමේෂ් මෙන්ඩිස් (නොදැවී 54) අර්ධ ශතක ලබාගැනීමට සමත්වූහ.

ජෝන් කීල්ස් පිලේ ජෙහාන් ඩැනියල් (49/5) කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 

එල්.බී.ෆිනෑන්ස් පිලට කඩුලු 9 ක ජයක් 
හේලීස් - ඕවර 44.2 කදී සියලුදෙනා දැවී ලකුණු 172
(ළහිරු තිරිමාන්න 84, බිනුර ප්‍රනාන්දු 28, නිමේෂ් ගුණසිංහ 25, චරිත් සුදාරක 19/2, ශිරාන් ප්‍රනාන්දු 31/2, රජිව් වීරසිංහ 35/2)

එල්.බී.ෆිනෑන්ස් - ඕවර 30.5 කදී කඩුල්ලක් දැවී ලකුණු 173
(චරිත් අසලංක නොදැවී 81, සධීර සමරවික්‍රම නොදැවී 80)

මාස් සිලුඒටා පිලට ලකුණු 32 ජයක්
මාස් සිලුඒටා - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 260
(සංගීත් කුරේ 114, සාලින්ද උෂාන් 53, නිමන්ද සුබසිංහ 23, ජෙහාන් ඩැනියල් 49/5)

ජෝන් කීල්ස් - ඕවර 37.3 කදී සියලුදෙනා දැවී ලකුණු 228
(දිමුත් කරුණාරත්න 76, ළහිරු මිලන්ත 44, රොෂේන් සිල්වා 34, ජෙහාන් ඩැනියල් 23, නිමන්ද සුබසිංහ 04/3, නුවන් ප්‍රදීප් 48/3, බුද්ධික සංජීව 52/3)

කැන්රිච් ෆිනෑන්ස් පිලට කඩුලු 2 ක ජයක්
කොමර්ෂල් ක්‍රෙඩිට් - ඕවර 46.4 කදී සියලුදෙනා දැවී ලකුණු 256
(ළහිරු මදුසංක 51, චතුරංග ද සිල්වා 50, වනිඳු හසරංග 43, මාලින්ද පුෂ්පකුමාර 35, චාමර කපුගෙදර 27, දිලේෂ් ගුණරත්න 39/3, ප්‍රමෝද් මදුෂාන් 37/2, රොෂාන් ලක්සිරි 42/2, අලංකාර අසංක 56/2)

කැන්රිච් ෆිනෑන්ස් - ඕවර 49.3 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 260
(ඕෂධ ප්‍රනාන්දු 133, මුතුමුදලිගේ පුෂ්පකුමාර 29, සහන් විජේරත්න 23, කවිඳු කුලසේකර 23, රොෂාන් ලක්සිරි නොදැවී 21, මාලින්ද පුෂ්පකුමාර 62/2)

ඩිමෝ පිලට කඩුලු 3 ක ජයක්
සම්පත් බැංකුව - ඕවර 43.4 කදී සියලුදෙනා දැවී ලකුණු 185
(චරිත බුද්ධික 55, රොමේෂ් බුද්ධික 32, තරිඳු කෞෂාල් 26, මතීෂ පෙරේරා 31/4, කවිශ්ක අංජුල 31/2, නිසල තාරක 41/2)

ඩිමෝ - ඕවර 43.1 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 188
(රමේෂ් මෙන්ඩිස් නොදැවී 54, ප්‍රමුද් හෙට්ටිවත්ත නොදැවී 36, තික්‍ෂිල ද සිල්වා 28, රංගන හේරත් 30/2, තරිඳු කෞෂාල් 31/2, හසන්ත ප්‍රනාන්දු 40/2)


අදහස් (0)

එල්.බී, සිලුඒටා, කැන්රිච් සහ ඩිමෝ ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.