Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එල්.පී.එල්. තරගාවලිය දෙසැම්බරයේදී

එල්.පී.එල්. තරගාවලිය දෙසැම්බරයේදී

editorial - 2021 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එල්.පී.එල්. හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් මස 4 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. කණ්ඩායම් 5 කින් සමන්විත තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ දෙවැනි වතාවටය. 

පසුගිය ජුලි 30 සිට අගෝස්තු 22 දක්වා දක්වා තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර සිටියද රට තුළ කොරෝනා රෝගීන්ගේ ව්‍යාප්තිය හේතුවෙන් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවිය. කෙසේ වෙතත් තරගාවලියේ තරග පැවැත්වෙන්නේ කුමන ක්‍රීඩාංගණවලදීද යන්න තවමත් තහවුරු කර නොමැති අතර එහි තරග කාලසටහන පසුව නිකුත් කිරීමට නියමිතය.

මෙම තරගාවලියේ පළමුවැන්න පසුගිය දෙසැම්බරයේදී හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති අතර ඊට විදෙස් රටවල ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම සහභාගි වූහ. ආරම්භක තරගාවලිය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් විසින් දිනා ගන්නා ලදි.

නරඹන්නන්ගේ සහභාගිත්වයෙන් තොරව පැවැති එම තරගාවලිය රූපවාහිනිය සහ විද්යුත් මාධ්‍ය ඔස්සේ නැරඹීමට ලෝකය පුරා ක්‍රිකට් ලෝලී පිරිසක් එක්ව සිටි අතර අවසන් මහ තරගය නැරඹූ පිරිස මිලියන 135 ක් යයි ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයක සටහන් වේ. 

පසුගිය වසරේදී මෙන්ම මේ වසරේදීත් ජෛව ආරක්ෂක බුබුලු යොදාගනිමින් තරගාවලිය පැවැත්වෙන අතර තරගාවලියේ සියලුම සංවිධාන කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ පරිදි සකස් කෙරෙන බව දැනගන්නට තිබේ.

-2079

 


අදහස් (0)

එල්.පී.එල්. තරගාවලිය දෙසැම්බරයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.