Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එක්දින තරගාවලියේ ජය ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට

එක්දින තරගාවලියේ ජය ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට

දිලිනි මල්රුක්ෂි - 2014 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර පැවැති තරග තුනකින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය 1-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත් වූහ.

කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (05) පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි සහ අවසන් එක්දින තරගය ක‍්‍රීඩාංගණයේ තෙත බරිත ස්භාවය නිසා අතහැර දැමීමට සිදුවිය.  දඹුල්ලේදී පැවැති දෙවැනි තරගයද වර්ෂාව හේතුවෙන් අතරමගදී නතර කරන ලදි.

පෙර දින ඇදහැලූණු වර්ෂාව හේතුවෙන් කී‍්‍රඩාංගණය තෙත බරිතව තිබීම නිසා තරගය පැවැත්වීමට හැකි තත්ත්වයක තිබේද යන්න විනිසුරුවෝ පස්වරු 1.00 ට පරික්‍ෂා කිරීමෙන් පසුව තරගය අතහැර දැමීමට තීරණය කළහ.

විනිසුරුවෝ අද පෙරවරු 11.00 ට පළමුව ක‍්‍රීඩාංගණය පරීක්‍ෂා කළ අතර හතරේ සීමාව ආසන්නයේ සහ ක‍්‍රීඩාංගනය තුළට වෙන්නටත් තෙත බරිත ස්භාවය හේතුවෙන් ආරම්භය කල්දැමූහ. මෙම තෙත බරිත ස්භාවය හේතුවෙන් කොදෙව් පිල තරගය පැවැත්වීමට අකමැත්ත පළ කළ බව ද වාර්තා විය.


අදහස් (0)

එක්දින තරගාවලියේ ජය ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.