ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් උතුරු පළාතේ ඉදිකරන ලද පළමු තණතීරුව යාපනය ශාන්ත ප‍්‍රැට්ටි‍්‍රක් විදුහලේදී අද (29 වැනිදා) පෙරවරුවේ විවෘත කරන ලදි.
යාපනයේ පාසල් කිහිපයකම ක‍්‍රිකට් ක‍්‍රීඩා කළ ද මේ දක්වා ලකුණු පැදුරු යොදා ක‍්‍රීඩා කළ අතර උතුරේ ක‍්‍රීඩකයන්ටද තණතීරුවේ ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව අද සිට උදාවේ.
ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු වන වත්මන් ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා මේ අවස්ථාවේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා විශේෂ ආරාධිතයා ලෙස සහභාගි විය. හිටපු දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් ද මේ අවස්ථාවට සහභාගි විය.
මෙම සුවිශේෂි අවස්ථාව වෙනුවෙන් සනත් ජයසූරිය, ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ, උපුල් චන්දන සහ රවින්ද්‍ර පුෂ්පකුමාර යන 1996 ලෝක ශූර කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් සහ උතුරු සහ නැගෙනහිර වයස 23 න් පහළ ඒකාබද්ධ කණ්ඩායම අතර විස්සයි20 ක‍්‍රිකට් තරගයක් ද පැවැත්විණි.
ඡායාරූප : ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අනුග‍්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.