Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket උඩරට - සදර්න් අවසන් මහ තරගයට

උඩරට - සදර්න් අවසන් මහ තරගයට

ශනුක අරවින්ද - 2014 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන ‘සුපර් 4’ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය උඩරට රූලර්ස් පිල සහ සදර්න් එක්ස්ප‍්‍රස් පිල අතර හෙට (02) පෙරවරු 10.00 සිට කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ‘චැම්පියන්ස් ලීග් 2014’ විස්සයි20 තරගාවලියට සහභාගිවිමේ අවස්ථාව හිමිවේ.

ශී‍්‍ර ලංකා - එංගලන්ත තරගාවලියට නම්කරන ලද කී‍්‍රඩකයන් අතුරින් මේදක්වා මෙම තරගාවලියට සහභාගි වූයේ කිත්රුවන් විතානගේ, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ඩිල්රුවන් පෙරේරා සහ දිමුත් කරුණාරත්න පමණි. දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලූ 5 ක් දවාගත් ධම්මික ප‍්‍රසාද් අද තරගයේදී උඩරට රූලර්ස් පිල වෙනුවෙන් කී‍්‍රඩා කිරීමට සූදානමින් සිටින බවත් වාර්තා වේ.

ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් උඩරට රූලර්ස් පිල අපරාජිතව ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණෙමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

මෙම තරගය නොමිලයේ නැරඹිමේ අවස්ථාව පේ‍්‍රක්‍ෂකයන්ට හිමිව ඇති අතර තරගය සී.එස්.එන්. සහ ටෙන් ස්පෝට්ස් යන දේශීය සහ විදේශිය රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවිව විකාශය කරන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කරයි.  

වෙස්ටන් ටෲපර්ස් පිල සහ සදර්න් එක්ස්ප‍්‍රස් පිල අතර අද (01) එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදීම පැවැති අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ලසිත් මාලිංග මෙහෙයවන සදර්න් එක්ස්ප‍්‍රස් පිල කඩුලූ 3 ක ජයක් ලබමින් අවසන් මහ තරගයට පැමිණියේය.

වෙස්ටන් ටෲපර්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 153
(ඩිල්ෂාන් මුණවීර 25, භානුක රාජපක්‍ෂ 41, කිත්රුවන් විතානගේ 26, මංජුල ද සොයිසා 24, චතුරංග ද සිල්වා 16, සචිත් පතිරණ 17/4, ධනුෂ්ක ගුණතිලක 19/2)

සදර්න් එක්ස්ප‍්‍රස් පිල  ඕවර 19.4 කදී කඩුලූ 7 ට 158
(නිරෝෂන් දික්වැල්ල 13, ජෙහාන් මුබාරක් 25, ඇන්ජලෝ පෙරේරා 14, ෆර්විස් මහරුෆ් නොදැවී 42, සීකුගේ ප‍්‍රසන්න නොදැවී 36, චතුරංග ද සිල්වා 24/3)

- 048

 


අදහස් (0)

උඩරට - සදර්න් අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.