කොළඹ නාලන්දා විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල සමත් විය.
ඉනිමක පරාජයෙන් ගැළවීමේ සටනක නිරත වූ තර්ස්ටන් විදුහල තරගය නිමා වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 8 ක් දැවී ලකුණු 294 ක් ලබා සිටියේය.
ඉසුරු ප‍්‍රනාන්දු (89) සහ කසුන් අබේරත්න (70) තර්ස්ටන් විදුහල් දෙවැනි ඉනිමේදී අර්ධ ශතක රැුස්කිරීමට සමත් වූහ. තර්ස්ටන් විදුහල් පළමු ඉනිමේදී මාලිංග අමරසිංහ සහ කවිඳු බණ්ඩාර කඩුලූ 4 බැගින් දවාගත්හ.
පළමුවෙන් පන්දුවට පහරදුන් නාලන්දා විදුහල කඩුලූ 9 ක් දැවී ලකුණු 300 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා තර්ස්ටන් විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටි අතර අරෝෂ කුමාර (89), මාලිංග අමරසිංහ (57) සහ කවිඳු බණ්ඩාර (57) අර්ධ ශතක රැස්කරමින් නාලන්දා පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
නාලන්දා විදුහල පළමු ඉනිම - කඩුලූ 9 ක් දැවී 300
(අරෝෂ කුමාර 89, මාලිංග අමරසිංහ 57, කවිඳු බණ්ඩාර 57, ඩිලාන් මධුසංක 45/3, නිපුන ලක්ෂාන් 14/2)
තර්ස්ටන් විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 116
(තිමිර ජයසිංහ 53, මාලිංග අමරසිංහ 30/4, කවිඳු බණ්ඩාර 15/4)
තර්ස්ටන් විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 8 ක් දැවී 294
(ඉසුරු ප‍්‍රනාන්දු 89, කසුන් අබේරත්න 70, මලික් පීරිස් 44/3, ලක්ෂිත රසාංගන 94/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.