Last Update  :  2025-12-23 17:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉබ්බාගමුව මැදි විදුහලට කඩුලු 7 ජයක්

ඉබ්බාගමුව මැදි විදුහලට කඩුලු 7 ජයක්

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුරුණෑගල මලියදේව ආදර්ශ පාසල සහ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය අතර කුරුණෑගල වෙළගෙදර  ක්‍රීඩාංගණයේදී පැවැති ‘ඇතුන්ගේ සටන’ වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගය කඩුලු 7 කින් ජයගැනීමට ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය අද (11 වැනිදා) සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කුරුණෑගල මලියදේව ආදර්ශ පාසලට ඕවර 42.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 95 ක් පමණි.

කළන අබේරත්න, ප්‍රසාද් හේරත්, අවිශ්ක නිර්මාල් සහ ධනුෂ්ක ජයකොඩි කඩුලු 2 බැගින් දවාගනිමින් කුරුණෑගල මලියදේව ආදර්ශ පාසල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වුහ.

ජයග්‍රහණය සදහා ලකුණු 96 ක ඉලක්කයක් හඹාගිය ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය ඕවර 25.5 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

නොදැවී ලකුණු 41 ක් ලබාගනිමින් ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට ප්‍රබුද්ධ ප්‍රේමලාල් සමත්විය.

 

මලියදේව ආදර්ශ පාසල - ඕවර 42.4 කදී සියලුදෙනා දැවී ලකුණු 95
(කළන අබේරත්න 10/2, ප්‍රසාද් හේරත් 11/2, අවිශ්ක නිර්මාල් 17/2, ධනුෂ්ක ජයකොඩි 25/2)

ඉබ්බාගමුව ම.ම.විද්‍යාලය - ඕවර 25.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 96
(ප්‍රබුද්ධ ප්‍රේමලාල් නොදැවී 41)    

 


අදහස් (0)

ඉබ්බාගමුව මැදි විදුහලට කඩුලු 7 ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.