සංචාරක ඉන්දීය පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ නොටිංහැම්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන අද (13) තේ විවේකය සදහා ක්‍රීඩාව නතර කරන විට ඉන්දීය පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 8 ක් දැවී ලකුණු 347 ක් රැස්කරමින් ලකුණු 308 ක් ඉදිරියෙන් සිටියේය.
තේ විවේකයට ක්‍රීඩාව නතර කරන විට බුවනේෂ්වර් කුමාර් (නොදැවී 31) සහ ඉශාන්ත් ශර්මා (නොදැවී 5) පන්දුවට පහර දෙමින් සිටියහ.
ඉන්දීය පිල පළමු ඉනිම ඕවර 161 කදී සියලූ දෙනා දැවී 457 සහ දෙවැනි ඉනිම ඕවර 107 කදී කඩුලූ 8 ට 347 (මුරලි විජ් 52, ශීකර් දාවන් 29, චෙටෙෂ්වර් පුජාරා 55, අජින්යා රහනේ 24, මහේන්ද්‍ර සිං දෝනි 11, රවීන්ද්‍ර ජඬේජා 31, ස්ටුවට් බෙනී 78, බුවනේෂ්වර් කුමාර් නොදැවී 31, මුයින් අලී 101/3)
එංගලන්තය පළමු ඉනිම ඕවර 144.5 කදී සියලූ දෙනා දැවී 496 (සෑම් රෙබ්සන් 59, බැරී බැලන්ස් 71, ජෝ රූට් නොදැවී 154, ස්ටුවට් බ්‍රෝඞ් 47, ජේම්ස් ඇන්ඩසන් 81, බුවනේෂ්වර් කුමාර් 82/5, මොහොමඞ් ශාමි 128/2, ඉෂාන්ත් ශර්මා 150/3)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.