Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාව ලකුණු 128 ක් ඉදිරියෙන්

ඉන්දියාව ලකුණු 128 ක් ඉදිරියෙන්

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ නොටිංහැම්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ අද (12) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ඉන්දීය පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 167 ක් රැුස්කරමින් ලකුණු 128 ක් ඉදිරියෙන් සිටියේය.

එංගලන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 496 ක් රැස් කරමින් ලකුණු 39 ක් ඉදිරියට පැමිණියේය. දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට අජින්ක්‍යා රහනේ (නොදැවී 18) සහ විරාට් කෝලි (නොදැවී 8) පන්දුවට පහර දෙමින් සිටියහ


ජෝ රූට් (නොදැවී 154) සහ ජේම්ස් ඇන්ඩසන් (81) 10 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 198 ක ලෝක වාර්තාගත සම්බන්ධතාවක් පවත්වමින් එංගලන්තය පෙරමුණට රැගෙන ඒමට සමත් වූහ.

මෙම සම්බන්ධතාව ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ 10 වැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ඉහළතම සම්බන්ධතාව වේ.

ඕස්ටේ‍්‍රලියානු පිලේ ඇස්ටන් ආගර් සහ පිලිප් හියුස් එකතුව 2013 වසරේ ජූලි මස නොටිංහැම්හිදීම 10 වැනි කඩුල්ලට ලකුණු 163 ක සම්බන්ධතාවක් පවත්වමින් පැරණි වාර්තාවට හිමිකම් කීහ.

ජෝ රූට් පන්දු 295 කදී හතරේ පහර 15 ක් සමගින් නොදැවී ලකුණු 154 ක් රැස් කිරීමට සමත් විය. ජේම්ස් ඇන්ඩසන් පන්දු 130 කදී හතරේ පහර 17 ක් සමගින් ලකුණු 81 ක් රැස් කළේය.

ඉන්දීය පිල පළමු ඉනිම  ඕවර 161 කදී සියලූ දෙනා දැවී 457 සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 167
(මුරලි විජ් 52, ශීකර් දාවන් 29, චෙටෙෂ්වර් පුජාරා 55, අජින්යා රහනේ නොදැවී 18, මුයින් අලී 39/2)
එංගලන්තය පළමු ඉනිම  ඕවර 144.5 කදී සියලූ දෙනා දැවී 496
(සෑම් රොබ්සන් 59, ගැරී බැලන්ස් 71, ඉයන් බෙල් 25, ජෝ රූට් නොදැවී 154, මුයින් අලී 14, ස්ටුවට් බ්‍රෝඞ් 47, ජේම්ස් ඇන්ඩසන් 81, බුවනේෂ්වර් කුමාර් 82/5, මොහොමඞ් ශාමි 128/2, ඉෂාන්ත් ශර්මා 150/3)


- 048

 


අදහස් (0)

ඉන්දියාව ලකුණු 128 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.