සංචාරක ඉන්දීය පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ නොටිංහැම්හිදී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ඉන්දීය පිල පළමු ඉනිම ස`දහා කඩුලූ 4 ක් දැවී ලකුණු 259 ක් ලබා සිටියේය.
දිනයේ ක‍්‍රීඩාව අවසන් වන විට ආරම්භක පිතිකරු මුරලි විජේ විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 294 කදී හතරේ පහර 20 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 122 ක් රැුස්කිරීමට සමත්ව සිටියේය. මෙය 30 හැවිරිදි මුරලි විජේගේ සිවුවැනි ටෙස්ට් ශතකයයි.
නායක මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 50 ක් රැුස් කර සිටියේය.
ඉන්දීය පිලේ ප‍්‍රබලතම පිතිකරු ලෙස සැළකෙන විරාට් කෝලි එක ලකුණක් ලබා සිටියදී දැවී යෑම ඉන්දීය කී‍්‍රඩා ලෝලීන්ගේ අපේක්‍ෂා සුන්කරන්නක් විය. ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
මෙම තරගයේදී ඉන්දීය තුන් ඉරියව් ක‍්‍රීඩක ස්ටුවට් බෙනී ටෙස්ට් වරම් හිමිකර ගත්තේය.
ඉන්දීය පිල පළමු ඉනිම ඕවර 90 කදී කඩුලූ 4 ට 259
(මුරලි විජේ නොදැවී 122, ශීකර් දාවන් 12, චෙටෙෂ්වර් පුජාරා 38, අජින්යා රහනේ 32, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 50, ජේම්ස් ඇන්ඩසන් 70/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.