බංගලාදේශය සහ ඉන්දියාව අතර ලබන මාසයේදී පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා සුරේෂ් රයිනාගේ නායකත්වයෙන් යුත් යොවුන් කණ්ඩායමක් සහභාගී කරවීමට ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.
ඒ අනුව ඉන්දීය එක්දින කණ්ඩායමේ නිත්‍ය නායක මහේන්ද්‍ර සිං දෝනි සහ උප නායක විරාට් කෝලි ඇතුලූ ප‍්‍රධාන කී‍්‍රඩකයන් කිහිපදෙනකුම මෙම තරගාවලියේදී විවේකගන්වා තිබේ.
පසුගිය තරගාවලි කිහිපයේදීම ඉන්දීය එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ රෝහිත් ශර්මා සහ ශිකර් ධවාන්ද, ප‍්‍රධානම දඟ පන්දු යවන්නන් දෙදෙනා ලෙස කටයුතු කළ රවිචන්ද්‍රන් අශ්වින් සහ රවින්ද්‍ර ජදේජාද, ප‍්‍රධානම වේග පන්දු යවන්නන් දෙදෙනා ලෙස කටයුතු කළ බුවනේෂ්වර් කුමාර් සහ මොහොමඞ් සාමිද මෙලෙස විවේක ගන්වා ඇති කී‍්‍රඩකයන් ගොන්නට ඇතුළත්ව සිටිති.
එම කී‍්‍රඩකයන් වෙනුවට අයි. පී. එල්. තරගාවලියේදී දස්කම් දැක්වූ කී‍්‍රඩකයන් කිහිපදෙනකු ඉන්දීය කණ්ඩායමට කැඳවා ඇති අතර මේ වන විට අයි. පී. එල්. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින රොබින් උත්තාපා ඒ අතර ප‍්‍රධාන තැනක් ගනී.
තවද මහේන්ද්‍ර සිං දෝනිගෙන් හිස් වන කඩුලූ රකින්නාගේ භූමිකාවට රිදිමන් සහා කණ්ඩායමට එක්ව සිටින අතර පිතිරුවන් ලෙස චෙට්ෂ්වර් පුජාරා, අජින්ක්‍යා රහනේ, අම්බටි රයියදු, මනෝජ් තිවාරි සහ කේදර් ජාධව් කණ්ඩායමට එක්ව සිටිති.
කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් ලෙස අක්ෂර් පටේල් සහ අමිත් මිෂ්රා නම් කර ඇති අතර වේග පන්දු යවන්නන් ලෙස මේ වන විට අයි. පී. එල්. තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව සිටින මොහිත් ශර්මා සමගින් විනේ කුමාර් සහ උමේෂ් යාදව් කණ්ඩායමට නම් කර තිබේ. ස්ටුවට් බිනී සහ පර්විස් රසූල් තුන් ඉරියව් කී‍්‍රඩකයන් ලෙස කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
කෙසේ වුවත් බංගලාදේශ කණ්ඩායමේ නායක මුෂ්ෆිකුර් රහීම් කියා සිටින්නේ එක්දින තරගාවලිය සඳහා ඉන්දියාවෙන් මෙවැනි දුර්වල දෙවැනි පෙළ කණ්ඩායමක් තමන් බලාපොරොත්තු නොවූ බවත්, ඉන්දීය ප‍්‍රධාන පෙළේ කී‍්‍රඩකයන් මෙම තරගාවලියට සහභාගී නොකිරීම සම්බන්ධයෙන් තමන් ඇතුළු කණ්ඩායම කණගාටුවට පත්වන බවයත්ය.
දෙරට අතර පළමු එක්දින තරගය ජූනි මස 15 වැනිදා පැවැත්වෙන අතර ඉතිරි තරග 2 පිළිවෙළින් 17 වැනිදා සහ 19 වැනිදා පැවැත්වීමට නියමිතය. තරග තුනම බංග්ලාදේශයේ ඩකා අගනුවරදී පැවැත්වීමට නියමිතය.
තරගාවලියට සහභාගීවන ඉන්දීය කණ්ඩායම
සුරේෂ් රයිනා (නායක), රොබින් උත්තාපා, රිදිමන් සහා, චෙටේෂ්වර් පුජාරා, අජක්‍යා රහනේ, අම්බටි රයිඩු, මනෝජ් තිවාරි, කේදර් ජාධව්, අක්ෂර් පටේල්, අමිත් මිෂ්රා, මොහිත් ශර්මා, විනේ කුමාර්, උමේෂ් යාදව්, ස්ටුවට් බිනී, පර්විස් රසූල්
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.