Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාවේ තරග ඩුබායි ක්‍රීඩාංගණයේ

ඉන්දියාවේ තරග ඩුබායි ක්‍රීඩාංගණයේ

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රිකට් සමුඵව මෙහෙයවීමෙන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන 14 වැනි ‘යුනිමොනි’ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිවුදෙනාගේ වටයේ ඉන්දියාව සහභාගි වන තරග තුනම ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තීරණය කර තිබේ.

අබුඩාබි ශීක් ශයිඞ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තරගවලට සහභාගි විය නොහැකි බවට ඉන්දියාව කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. මෙම තීරණයත් සමඟ මෙම තරගාවලියේ ඉන්දියාව සහභාගි වන සියලුම තරග ඩුබායි ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

එම තීරණයත් සමඟ ඉන්දීය පිල අද (19) පැවැත්වීමට නියමිතව තිබූ තරගය පරාජයට පත්වූවද  ඉන්දීය පිලේ සියලුම තරග ඩුබායිහිදී පැවැත්වේ. ඉන්දියාව දෙවැනි ස්ථානයට පත්වූයේ නම් පළමු කාලසටහනට අනුව අබුඩාබිහිදී තරග දෙකකට සහභාගි වීමට සිදුවේ.  මීට පෙර පැවැති තරග කාලසටහනට අනුව ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානයට පත්වන කණ්ඩායම මේ මස 21, 23 සහ 25 යන දිනවල ඩුබායිහිදී තරගවලට සහභාගි වීමට නියමිතව තිබුණි.

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර අබුඩාබිහිදී හෙට (20) පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් බංග්ලාදේශය ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය බව මේ වන විටත් එම කණ්ඩායමට දැනුම්දී ඇති බවද වාර්තා වේ.

මෙම තීරණයත් සමඟ අබුඩාබිහිදී පැවැත්වෙන තරග තුනේ වෙනසක් නොවන අතර සෙසු කණ්ඩායම් තුන එහි තරගවලට සහභාගි වෙයි.

තරගාවලියේ අවසන් මහ තරගය මේ මස 28 වැනිදා ඩුබායි ක්‍රීඩාංගණයේදී  පැවැත්වේ.  

 


අදහස් (0)

ඉන්දියාවේ තරග ඩුබායි ක්‍රීඩාංගණයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.