
විස්සයි-20 අන්තර්ජාතික තරග 5 කින් සමන්විත ඉන්දීය සංචාරය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම්කර තිබේ. 15 දෙනකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වය නැවත වරක් ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකා චමරි අතපත්තුට පැවරී ඇති අතර ඇයගේ උප නායිකාව ලෙසින් හර්ෂිතා සමරවික්‍රම පත්කරනු ලැබ ඇත.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හෙට (17 වැනිදා) ඉන්දියාව බලා පිටත්ව යයි.
තරගාවලියේ පළමු තරග දෙක මේ මස 21 සහ 23 දිනයන්හිදී විශාකාපට්නම් නුවරදී පැවැත්වෙන අතර ඉතිරි තරග තුන මේ මස 26, 28 සහ 30 තිරුවනාතපුරම් නුවරදී පැවැත්වේ.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම
චමරි අතපත්තු (නායිකාව), හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, නිලක්‍ෂිකා ද සිල්වා, කවීෂා දිල්හාරි, ඉමේෂා දුලානි, කෞෂිනි නෘත්‍යංගනා, මල්ෂා ෂෙහානි, ඉනෝකා රණවීර, ශෂිනි ගිම්හානි, නිමේෂා මධුෂානි, කාව්‍යා කාවින්දි, රශ්මිකා සෙව්වන්දි සහ මල්කි මදාරා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.