Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දීය කී‍්‍රඩිකාවෝ තරගාවලිය සමකරති

ඉන්දීය කී‍්‍රඩිකාවෝ තරගාවලිය සමකරති

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ ඉන්දීය කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ විසිනගරම්හිදී අද (26) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 9 ක ජයක් ලැබූ ඉන්දීය ක‍්‍රීඩිකාවෝ 1-1 ක් ලෙස තරගාවලිය සම කිරීමට සමත් වූහ.

තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (25) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ කඩුලූ 3 කින් ප‍්‍රබල ඉන්දීය පිල පරාජය කිරීමට සමත් වූහ. විස්සයි20 කාන්තා තරගයකදී ශී‍්‍ර ලංකා කණ්ඩායම විසින් ඉන්දීය කාන්තා පිල පරාජය කරන ලද පළමු අවස්ථාව මෙය වේ.

නායිකා ශෂිකලා සිරිවර්ධන පළමු තරගයේදී තුන් ඉරියව් දස්කම් දක්වමින් පන්දු 39 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 52 ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ජයග‍්‍රහණය දක්වා රැගෙන ඒමට සමත් වූවාය.

තෙවැනි සහ අවසන් විස්සයි20 තරගය අගහරුවාදා (28 වැනිද) විසිනගරම්හිදී පැවැත්වේ.   

 

දෙවැනි විස්සයි20 තරගය (ඉන්දීය පිලට ලකුණු 9 ක ජයක්)

ඉන්දීය කාන්තා පිල  ඕවර 20 කදී කඩුලූ 8 ට 127 (ජුලාන් ගොස්වාමි 23, අමිතා ශර්මා 23, සෝනියා ඩබීර් නොදැවී 23, උදේශිකා ප‍්‍රබෝදනී 16/3, ශෂිකලා සිරිවර්ධන 24/2)
ශ්‍රී ලංකා කාන්තා පිල  ඕවර 20 කදී කඩුලූ 8 ට 118 (චමරි අතපත්තු 40, ශෂිකලා සිරිවර්ධන 21, යශෝධා මෙන්ඩිස් 14)


පළමු විස්සයි20 තරග (ශ්‍රී ලංකා පිලට කඩුලූ 3 ක ජයක්)

ඉන්දීය කාන්තා පිල  ඕවර 20 කදී කඩුලූ 3 ට 147 (අනගා ඩෙෂ්පෙන්ඩි 21, මිතාලි රාජ් 67, එච්. කවුර් නොදැවී 40,  ඕෂදී රණසිංහ 27/2)
ශ්‍රී ලංකා කාන්තා පිල  ඕවර 19.5 කදී කඩුලූ 7 ක් දැවී 148 (චමරි අතපත්තු 21, ලසන්ති මධුෂානි 15, ශෂිකලා සිරිවර්ධන 52,  ඕෂදී රණසිංහ 19, චමරි පොල්ගම්පොළ නොදැවී 19, ආර්. ගයක්වඞ් 24/3)

 

- 048


අදහස් (0)

ඉන්දීය කී‍්‍රඩිකාවෝ තරගාවලිය සමකරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.