Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දීය කාන්තා කණ්ඩායමට 4-0 ක තරගාවලි ජයක්

ඉන්දීය කාන්තා කණ්ඩායමට 4-0 ක තරගාවලි ජයක්

රොෂාන් ගුණරත්න - 2018 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (25 වැනිදා) පැවැති පස්වැනි විස්සයි20 තරගය ලකුණු 51 කින් ජය ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත්විය. තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලියේ දෙවැනි තරගය වර්ෂාවට සේදී ගිය බැවින් 4-0 ක් ලෙස තරගාවලිය ජයගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු විසින් පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දිය කාන්තා කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 18.3 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 156 ක් පමණි.

වේගවත් පිතිහරඹයක නිරතවෙමින් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ හර්මන්ප්‍රීට් කෞර් පන්දු 38 කදී ලකුණු 63 ක් රැස්කිරීමට සමත්වූ අතර හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් ඇගේ ඉනිමට එක්කර ගැනීමට සමත්වූවාය. හර්මන්ප්‍රීට් කෞර්ට අනගි සහයක් ලබාදුන් ජෙමීමා රොඞ්රිගූ හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් පන්දු 31 කදී ලකුණු 46 ක් රැස්කිරිමට සමත්වූවාය.

තෙවැනි කඩුල්ල සඳහා පන්දු 43 කදී ලකුණු 75 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඉන්දීය ඉනිම ලකුණු 150 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට ජෙමීමා රොඞ්රිගූ සහ හර්මන්ප්‍රීට් කෞර් සමත්වූහ.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ ශශීකලා සිරිවර්ධන ඕවර 3.3 කදී ලකුණු 19 කට කඩුලු 3 ක් දවාගත් අතර ඉනෝෂී ප්‍රනාන්දු සිය ඕවර 4 ලකුණු 24 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගත්තාය.

ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඕවර 17.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 105 ක් පමණි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වීමට අනුෂ්කා සංජීවනී සමත්වුවද ඇය ලබාගත් ලකුණු 29 ට පන්දු 37 ක් වැයවිය. ශශීකලා සිරිවර්ධන පන්දු 18 කදී සහ ඕෂධී රණසිංහ පන්දු 20 කදී ලකුණු 22 බැගින් රැස්කිරීමට සමත්වූ අතර සෙසු පිතිකාරියන්ට ලකුණු 10 සීමාව පසුකිරීමට අවස්ථාවක් හිමිනොවූහ.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 7 ලකුණු 19 ක් තුල දවාගැනීමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ඉන්දීය පන්දු යවන්නියන් සමත්වූහ.

පූනම් යාදව් සිය ඕවර 4 ලකුණු 18 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගත් අතර රාධා යාදව් සහ දිප්ති ශර්මා කඩුලු 2 බැගින් දවාගනිමින් ඉන්දීය කාන්තා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

ඉන්දීය කාන්තා කණ්ඩායම - ඕවර 18.3 කදී සියලුදෙනා දැවී 156
(ජෙමීමා රොඞ්රිගූ 46, හර්මන්ප්‍රීට් කෞර් 63, ශශිකලා සිරිවර්ධන 19/3, ඉනෝෂී ප්‍රනාන්දු 24/3)

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම - ඕවර 17.4 කදී සියලුදෙනා දැවී 105
(අනුෂ්කා සංජීවනී 29, ශශීකලා සිරිවර්ධන 22, ඕෂධී රණසිංහ 22, පූනම් යාදව් 18/3, රාධා යාදව් 14/2, දිප්ති ශර්මා 18/2)


අදහස් (0)

ඉන්දීය කාන්තා කණ්ඩායමට 4-0 ක තරගාවලි ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.