
කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අද (22 වැනිදා) පැවැති 22 වැනි තරගයේදී පන්දු යවන්නියන්ගේ දක්ෂතා හේතුවෙන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 110 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට ඉන්දිය කාන්තා කණ්ඩායම සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 230 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කාන්තා පිලට ඕවර 40.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 119 ක් පමණි.
සල්මා ඛාතූන් ලකුණු 32 ක් සහ ලතා මොන්ඩාල් ලකුණු 24 ක් ලබාගත්තද සෙසු පිතිකාරිණියන්ගේ දුර්වල පිතිහරඹයන් හේතුවෙන් බංග්ලාදේශ කාන්තා පිලට පරාජය හිමිවිය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ස්නෙහ් රානා ලකුණු 30 කට කඩුලු 4 ක් ද, ජුලාන් ගෝස්වාමී සහ පූජා වස්ත්‍රකාර් කඩුලු 2 බැගින්ද දවාගනිමින් ඉන්දීය කාන්තා කණ්ඩායමට දැවැන්ත ජයක් හිමිකර දීමට සමත්වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 229 ක් පමණි.
යස්තිකා භාතියා පන්දු 80 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 50 ක් සහ ශෆාලී වෙර්මා පන්දු 42 කදි හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 42 ක් ලබාගනිමින් ඉන්දීය කාන්තා පිල ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට දායක වූහ. ස්ම්‍රිති මන්ධානා ලකුණු 30 ක්, පූජා වස්ත්‍රකාර් නොදැවී ලකුණු 30 ක්, ස්නේහ් රානා ලකුණු 27 ක් සහ රිචා ඝෝෂ් ලකුණු 26 ක් ලබාගැනීමට සමත්වූහ.
රිතූ මෝනී කඩුලු 3 ක් සහ නහිඩා අක්තර් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ඉන්දීය කාන්තා පිලේ යස්තිකා භාතියා දිනා ගත්තාය.
ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 229
(ස්ම්‍රිති මන්ධානා 30, ශෆාලී වෙර්මා 42, යස්තිකා භාතියා 50, රිචා ඝෝෂ් 26, පූජා වස්ත්‍රකාර් නොදැවී 30, ස්නේහ් රානා 27, රිතූ මෝනී 37/3, නහිඩා අක්තර් 42/2)
බංග්ලාදේශය - ඕවර 40.3 කදී සියලුදෙනා දැවී 119
(ලතා මොන්ඩාල් 24, සල්මා ඛාතූන් 32, ස්නෙහ් රානා 30/4, ජුලාන් ගෝස්වාමී 19/2, පූජා වස්ත්‍රකාර් 26/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.