Last Update  :  2025-05-08 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාව 2-1 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

ඉන්දියාව 2-1 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

editorial - 2022 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 187 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 4 ක් පමණක් දැවී එක් පන්දුවක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරාගත්හ. පන්දු දෙකට ලකුණු 4 ක් අව්‍යව තිබියදී අවසන් ඕවරයේ පස්වැනි පන්දුව හතරේ සීමාව කරා යැවූ හර්දීක් පාණ්ඩ්‍යා ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

මුලු ලකුණු සංඛ්‍යාව 30 ක් වන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ගොස් ක්‍රීඩාගාරයේ අසුන් ගත්තද, තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 62 කදී ලකුණු 104 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගූ විරාට් කෝලි (34) සහ සූර්යකුමාර් යාදව් (69) ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූහ.

එහිදී පන්දු 48 කට මුහුණදුන් කෝලි හයේ පහර 4 කින් සහ හතරේ පහර 3 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර රැස්කළ අතර පන්දු 36 කදී වාර්තා වූ යාදව්ගේ අර්ධ ශතකයට හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය. හර්දීක් පාණ්ඩ්‍යා පන්දු 16 කින් නොදැවී ලකුණු 25 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 186 ක් ලබාගත් අතර කැමරන් ග්‍රීන් (52) සහ ටිම් ඩේවිඩ් (54) එහිදී අර්ධ ශතක ලබාගත්හ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ අක්සර් පටේල් ලකුණු 33 කට කඩුලු 3 ක් බිඳහෙළමින් ඉන්දීය කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්විය.

පන්දු 21 කදී වාර්තා වූ ග්‍රීන්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් අන්තර්ගත වූ අතර පන්දු 27 කදී වාර්තා වූ ඩේවිඩ්ගේ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය. ඩැනියෙල් සෑම්ස් පන්දු 20 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 28 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහල දැමුවේය.


ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 7 කට 186
(කැමරන් ග්‍රීන් 52, ජොෂ් ඉංග්ලිෂ් 24, ටිම් ඩේවිඩ් 54, ඩැනියෙල්ස් සෑම්ස් නොදැවී 28, අක්සර් පටේල් 33/3)

ඉන්දියාව - ඕවර 19.5 කදී කඩුලු 4 කට 187
(රෝහිත් ශර්මා 17, විරාට් කෝලි 63, සූර්යකුමාර් යාදව් 69, හර්දීක් පාණ්ඩ්‍යා නොදැවී 25, ඩැනියෙල් සෑම්ස් 33/2)

 

-036


අදහස් (0)

ඉන්දියාව 2-1 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.