Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාවට ලකුණු 157 ක ජයක්

ඉන්දියාවට ලකුණු 157 ක ජයක්

editorial - 2021 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිව්වැනි ටෙස්ට් තරගය ජයගැනීම සඳහා ලකුණු 368 ක අභියෝගාත්මක ඉලක්කයක් කරා යමින් සිටි එංගලන්ත කණ්ඩායමට තරගයේ අවසන් දිනය වූ අද (6 වැනිදා) සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 210 ක් පමණි. ඒ අනුව ලකුණු 157 කින් තරගය ජයගත් ඉන්දියාව තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමටද සමත්විය.

තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට ලකුණු 193 ක් තුළ එංගලන්ත පිලේ කඩුලු 8 ක් බිඳ වැටී තිබිණු අතර  තවත් ලකුණු 17 ක් තුල ඉතිරි කඩුලු 2 ත් දවාගනිමිත් ඉන්දියාවට ජයග්‍රහණය අත්කර දීමට උමේෂ් යාදව් සමත්විය.

ආරම්භක පිතිකරුවන් වූ හසීබ් හමීඞ් සහ රෝරි බර්න්ස් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් දිවා ආහාරයට පෙර රෝරි් බර්න්ස් සහ ඬේවිඞ් මලාන් දැවී ගියහ. මෙම දැවීයාම් දෙකින් සිදුවූ අනුයාත බලපෑම වූයේ එංගලන්ත පිතිකරුවන් ලකුණු ලබාගනිමින් සිටි වේගය අඩාළ වීමයි.

ඉලක්කය කරා සැලසුම් සහගත ගමනක යෙදෙමින් සිටි එංගලන්තය ඕවර 40 ක් තුළදී ලකුණු 100 වාර්තා කළහ. එහෙත් බර්න්ස් දැවී යාමෙන් පසුව ඉතිරි ලකුණු 20 ලබාගැනීමට පැයකට ආසන්න කාලයක් ගතවිය.
දිවා ආහාරය වන විට හසීබ් හමීඞ් නොදැවී ලකුණු 62 ක් ලබා සිටි අතර එංගලන්ත නායකයා ලකුණු 8 ක් ලබා පිටියේ සිටියේය. ඒ වන විට පැය තුනකට ආසන්න කාලයක් පිටියේ සිටි හසීබ් හමීඞ්, වමතින් දඟ පන්දු යවන්නා වූ රවීන්ද්‍ර ජදේජා හමුවේ මහත් අසීරුතාවට පත්ව සිටියේය.

හසීබ් හමීඞ්වද ආපසු ක්‍රීඩාගාරයට යැවීමේ පහසු අවස්ථාවක් ඉන්දියානුවන්ට තිබුණද ඉතාමත් පහසු උඩපන්දුවක් මොහොමඞ් සිරාජ් වෙතින් ගිළිහිණ. ජදේජා එවර අවාසනාවන්ත විය. දිවා ආහාරයත් තේ පානයත් අතරතුර, එංගලන්ත පිතිකරුවෝ 6 දෙනෙක් ලකුණු 62 කට දැවී ගිය අතර රවීන්ද්‍ර ජදේජා, ශර්දුල් ඨාකූර් සහ ජස්ප්‍රීට් බුම්රා කඩුලු 2 ක් බැගින් දවාගත්හ.

එංගලන්ත කණ්ඩායමක් ටෙස්ට් තරගයක් ජයගැනීම සඳහා සිව්වැනි ඉනිමේදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ 2019 දී අළු බඳුන තරගයක් ජයගැනීම සඳහා ඕස්ටේ්‍රලියානුවන් හමුවේ ලකුණු 359 ක් ලබාගැනීමයි.


ඉන්දියාව - පළමු ඉනිම 191 යි
එංගලන්තය - පළමු ඉනිම 290 යි
ඉන්දියාව - දෙවැනි ඉනිම 466 යි
එංගලන්තය - දෙවැනි ඉනිම 210 යි

(හසීබ් හමීඞ් 63, රෝරි බර්න්ස් 50, ජෝ රූට් 36, ක්‍රිස් වොක්ස් 18, උමේෂ් යාදව් 60/3, ජස්ප්‍රීට් බුම්රා 27/2, රවීන්ද්‍ර ජදේජා 50/2, ශර්දුල් ඨාකූර් 22/2)

 

- 213

 


අදහස් (0)

ඉන්දියාවට ලකුණු 157 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.