Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕමානයේදී අනිද්දා (20 වැනිදා) ආරම්භ වීමට නියමිත ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ආසියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග මහතා පත්කර ඇත. ඔහුගේ සහය පුහුණුකරු ලෙස මාරියෝ විල්ලවරායන් මහතා කටයුතු කරයි.
තරඟාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන ටී.එම්.ඩිල්ෂාන්, රොමේෂ් කළුවිතාරණ, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, උපුල් තරංග සහ නුවන් කුලසේකර ඇතුළු ක්‍රීඩකයෝ 6 දෙනෙක් මේ වන විටත් ඕමානයට ළඟා වී සිටිති.
තවත් හිටපු ක්‍රීඩකයන් දෙදෙනකු වන අජන්ත මෙන්ඩිස් සහ දිල්හාර ප්‍රනාන්දු ආසියානු ලෙජන්ඩ්ස් කණ්ඩායමට ඇතුළත් කර ඇත. ඒ අනුව ඔවුන් හෙට (19 වැනිදා) දිනයේදී හිටපු සුපිරි පිතිකරුවකු වූ සනත් ජයසූරිය සමගින් කණ්ඩායමට එක්වීමට නියමිතය.
පාකිස්ථානයේ මිස්බා උල්-හක්ගේ නායකත්වයෙන් යුත් ආසියානු ලයන්ස් කණ්ඩායම හෙට (19 වැනිදා) පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතව ඇත.
ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය යන රටවල හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ ලෙජන්ඩ්ස් ක්‍රිකට් ලීගයේ පළමු තරගාවලියට ක්‍රීඩා කරති. මෙම රටවල ක්‍රීඩකයන් ඉන්දියා මහරාජාස්, ඒෂියන් ලයන්ස් සහ ලෝකයේ සෙසු රටවල් නියෝජනය කරමින් වර්ල්ඩ් ජයන්ට්ස් ලෙස කණ්ඩායම් 3 කට බෙදා ඇත.
ආසියානු කණ්ඩායම සඳහා හිටපු ශ්‍රී ලංකා සහ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරනු ලැබේ.
විස්සයි-20 තරගාවලියක් වන ලෙජන්ඩ්ස් ලීග් තරගාවලිය අනිද්දා (20 වැනිදා) ඕමානයේ අල් අමෙරත් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර සෝනී ටෙන් 1 සහ සෝනී ටෙන් 3 නාලිකා ඔස්සේ සජිවීව විකාශය කරනු ඇත.
තරගාවලියට එක්වන සංචිත
ඉන්දියා මහරාජාස්
විරේන්ද්‍ර සෙවාග්, යුවරාජ් සිං, හර්බජාන් සිං, ඉර්ෆාන් පතාන්, යූසුෆ් පතාන්, සුබ්‍රමනියම් බද්‍රිනාත්, රුද්‍රප්‍රතාප් සිං, ප්‍රජියන් ඕජා, නාමන් ඕජා, මන්ප්‍රිට් ගෝනී, හේමන්ග් බදානි, වෙනුගෝපාල් රාඕ, මුනාෆ් පතෙල්, සංජේ බන්ගාර්, නයන් මොංගියා, අමිත් භංගාරී.
ඒෂියා ලයන්ස්
ෂොයිබ් අක්තාර්, ශහීඩ් අෆ්රිඩි, සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, කම්රන් අක්මාල්, චමින්දා වාස්, රොමේෂ් කළුවිතාරණ, තිලකරත්න ඩිල්ෂාන්, අසාර් මහ්මූඩ්, උපුල් තරංග, මිස්බා උල් හක්, මොහොමඩ් හෆීස්, ෂොයිබ් මලික්, මොහොමඩ් යූසුෆ්, උමාර් ගුල්, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස්, දිල්හාර ප්‍රනාන්දු
වර්ල්ඩ් ජයන්ට්ස්
ඩැරන් සැමී, ඩැනියෙල් විටෝරී, බ්‍රෙට් ලී, ජොන්ටි රෝඩ්ස්, කෙවින් පීටර්සන්, ඉම්රාන් තහීර්, ඕවයිස් ෂා, හර්ෂල් ගිබ්ස්, ඇල්බී මෝකල්, මෝර්න් මෝකල්, කොරී ඇන්ඩර්සන්, මොන්ටි පැනසාර්, බ්‍රැඩ් හැඩින්, කෙවින් ඕබි්‍රයන්, බ්‍රෙන්ඩන් ටේලර්.
තරග කාලසටහන
ජනවාරී 20 - ඉන්දියා මහරාජාස් සහ ඒෂියා ලයන්ස්, ප.ව 8.00
ජනවාරී 21 - වර්ල්ඩ් ජයන්ට්ස් සහ ඒෂියා ලයන්ස්, ප.ව 8.00
ජනවාරී 22 - වර්ල්ඩ් ජයන්ට්ස් සහ ඉන්දියා මහරාජාස්, ප.ව 8.00
ජනවාරී 24 - ඒෂියා ලයන්ස් සහ ඉන්දියා මහරාජාස්, ප.ව 8.00
ජනවාරී 26 - ඉන්දියා මහරාජාස් සහ වර්ල්ඩ් ජයන්ට්ස්, ප.ව 8.00
ජනවාරී 27 - ඒෂියා ලයන්ස් සහ වර්ල්ඩ් ජයන්ට්ස්, ප.ව 8.00
ජනවාරී 29 - අවසන් මහා තරගය, ප.ව 8.00
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.