ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවූ වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ සම ශූරතාව කොළඹ ආනන්ද විදුහලට සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලට හිමිවිය.
කොළඹ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී අද (02) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් මහ තරගය ක්‍රීඩාංගණයේ තෙත බරිත ස්භාවය හේතුවෙන් පැවැත්වීමට නොහැති වීමෙන් දෙපිලටම සම ශූරතාව පිරිනැමිණ.
එම තීරණයට එරෙහිව ආදාල විදුහල් දෙකේ මවුපියන් පිරිසක් විරෝධය දැක්වීම හේතුවෙන් ජයසංඛේත ප්රදානය අවලංගු කිරීමට පාසල් ක්‍රිකට් සංගමය කටයුතු කළේය.
කිසියම් හේතුවකින් අවසන් තරගයක් පැවැත්වීමට නොහැකි වුවහොත් සම ශූරතාව පිරිනැමීම සාමාන්‍ය සම්ප්රදායයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.