Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්ද විදුහලට මුල් ඉනිමේ ජයක්

ආනන්ද විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ලුම්බිණි විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර වැල්ලවත්තේදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයෙන් මුල් ඉනිමේ ජයක් අත්කර ගැනීමට ආනන්ද විදුහල සමත් විය.

තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ආනන්ද විදුහල ඕවර 54 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 201 ක් ලබා සිටි අතර විනුජ විජයබන්ඩාර (85) එහිදී අර්ධ ශතකයක් ලබාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ලුම්බිණි විදුහල ලකුණු 50 කට සීමා කිරීමට ආනන්ද විදුහල් පන්දුයවන්නෝ සමත් වූ අතර එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ දිනුක් නානායක්කාර ලකුණු 11 කට කඩුලු 5 ක්ද, සජිත් ද සිල්වා ලකුණු 11 කට කඩුලු 4 ක්ද දවාගත්හ.


ලුම්බිණි විදුහල පළමු ඉනිම - ඕවර 30.5 කදී සියලු දෙනා දැවී 50
(දිනුක් නානායක්කාර 11/5, සජිත් ද සිල්වා 11/4)

ආනන්ද විදුහල පළමු ඉනිම - ඕවර 54 කදී කඩුලු 6 ක් දැවී 201
(විනුජ විජයබන්ඩාර 85, අනුද ජයවීර 40, විනුක නානායක්කාර නොදැවී 26, උදාර සංදීප 53/3, කවීන් කරුණාරත්න 57/2)


- 036

 


අදහස් (0)

ආනන්ද විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.