කනිෂ්ක රන්තිලකගේ තුන් ඉරියව් දස්කම් දැක්වීම නිසා වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ දෙවැනි වටයේ තරගයේදී කොළඹ ආනන්ද විදුහල විසින් කුරුණෑගල මලියදේව විදුහලට එරෙහිව පළමු ඉනිමේදී පරාජය කරන ලදි.
මෙහිදී දකුණතින් වේග පන්දු යවන නායක කනිෂ්ක රන්තිලකගේ ලකුණු 16 කට කඩුලූ 5 ක් දවා ගනිමින් පිත්තෙන්ද දස්කම් දක්වමින් ලකුණු 81 ක් රැස් කළේය.
මලියදේව විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 112
(බ්‍රයන් චන්ද්‍රසේකර 33, උදාර රාජපක්ෂ 23, කනිෂ්ක රන්තිලකගේ 16/5)
ආනන්ද විදුහල පළමු ඉනිම කඩුලූ 4 ට 144
(කනිෂ්ක රන්තිලකගේ 81, අදීෂ පෙරේරා 33, චාලූක අතපත්තු 62/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.