Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්ද විදුහලට ලකුණු 53 ක ජයක්

ආනන්ද විදුහලට ලකුණු 53 ක ජයක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කැළණිය ශ්‍රී ධර්මාලෝක විදුහලට එරෙහිව ලකුණු 53 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ආනන්ද විදුහල පෙරේදා (11 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

සඳිරු බණ්ඩාර සහ දිනේත්‍ර පෙරේරා අර්ධ ශතක රැස්කරමින් ආනන්ද විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ජනිඳු ජයවර්ධන කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

හසිඳු ප්‍රබෝද් කඩුලු 4 ක් සහ කමිඳු මල්ශාන් කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද ශ්‍රී ධර්මාලෝක විදුහල ජයග්‍රහණය කරා ගෙනයාමට එය ප්‍රමාණවත් නොවීය.

ආනන්ද විදුහල - ඕවර 46.1 කදී සියලුදෙනා දැවී 256
(සඳිරු බණ්ඩාර 57, දිනේත්‍ර පෙරේරා 52, කණිෂ්ක රංතිලකගේ 40, දිනුජ විජේබණ්ඩාර 28, හසිඳු ප්‍රබෝද් 35/4, කමිඳු මල්ශාන් 65/3)

ශ්‍රී ධර්මාලෝක විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 203
(දෙනුවන් ඉමේෂ් 45, සුබූතී රණතුංග 36, මනිල්ක කේෂාන් 30, හසිත ප්‍රමෝද් 23, දිනෙත් තාරක 21, ජනිඳු ජයවර්ධන 31/3, දිනේත්‍ර පෙරේරා 43/2)


අදහස් (0)

ආනන්ද විදුහලට ලකුණු 53 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.