Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්ද විදුහලට ඉනිමක ජයක්

ආනන්ද විදුහලට ඉනිමක ජයක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ සුසමයවර්ධන විදුහල අතර ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 62 ක ජයක් වාර්තා කිරීමට ආනන්ද විදුහල සමත් විය. 

එහිදී ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට විදුන විජේබණ්ඩාර (නොදැවී 64) සහ දිනිත් තුෂාන් (නොදැවී 56) සමත් වූ අතර ළහිරු ප්‍රබෝද (නොදැවී 65), සුසමයවර්ධන විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත්තේය. 

එම විදුහලේම දිනිත් තුෂාන් සහ සෙනුජ පෙරුම්පුලිආරච්චි සමස්ත තරගයේදී කඩුලු 6 බැගින් බිඳ හෙළමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූහ. 


ආනන්ද විදුහල් ‘බී’ පළමු ඉනිම - ඕවර 36 කදී කඩුලු 4 ක් දැවී 226 
(විදුන විජේබණ්ඩාර නොදැවී 64, දිනිත් තුෂාන් නොදැවී 56, නිමිත කලවිදාගොඩ 26) 

සුසමයවර්ධන විදුහල් පළමු ඉනිම - ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 43  
(දිනිත් තුෂාන් 12/4, සෙනුජ පෙරුම්පුලිආරච්චි 8/3, යේෂාන් ගුණසිංහ 19/2) 

සුසමයවර්ධන විදුහල් දෙවැනි ඉනිම - ඕවර 28.2 කදී සියලු දෙනා දැවී 121  
(ළහිරු ප්‍රබෝද නොදැවී 65, නිමිත කලවිදාගොඩ 26/3, සෙනුජ පෙරුම්පුලිආරච්චි 39/3, දිනිත් තුෂාන් 8/2, ඉසුරු අයේෂ් 34/2) 

 


අදහස් (0)

ආනන්ද විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.