Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්දයට පළමු ඉනිමේ ජයක්

ආනන්දයට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ කුරුණෑගල මලියදේව විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ආනන්ද විදුහල සමත්විය.

එහිදී ආනන්ද විදුහල වෙනුවෙන් සහන් ආරච්චිගේ නොදැවී ලකුණු 70 ක් රැස්කිරීමට සමත් වූ අතර මලියදේව විදුහල වෙනුවෙන් සචින්ත පීරිස් ලකුණු 88 රැස්කිරීමට සමත්විය.

කවිෂ්ක අංජුල ලකුණු 21 කට කඩුලූ 4 ක්ද, ඩිලංක සඳකැන් ලකුණු 27 කට කඩුලූ 4 ක්ද බැගින් දවාලමින් මලියදේව විදුහලේ පළමු ඉනිම ලකුණු 131 කට සීමා කළහ.


මලියදේව විදුහල පළමු ඉනිම -  ඕවර 35.2 කදී සියලූ දෙනා දැවී 131
(සචින්ත පීරිස් 88, කවිෂ්ක අංජුල 21/4, ඩිලංක සඳකැන් 27/4)

ආනන්ද විදුහල පළමු ඉනිම -  ඕවර 53 කදී කඩුලූ 7 ක් දැවී 218
(සහන් ආරච්චිගේ නොදැවී 70, සම්මු අශාන් 33, නිසල් ප‍්‍රැන්සිස්කෝ 30, ලක්ඛණ ජයසේකර 28, දමිත සිල්වා 39/2, කේෂාන් විජේරත්න 70/2)
 
මලියදේව විදුහල දෙවැනි ඉනිම -  ඕවර 9 කදී කඩුලූ 2 ක් දැවී 25

(දමිත් පෙරේරා නොදැවී 10, කසුන් පෙරේරා 10/2)


- 036

 


අදහස් (0)

ආනන්දයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.