Last Update  :  2025-07-18 17:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අහන්ගෙන් තවත් ශතකයක්
නැෂනල් සුපර් ලීග්

අහන්ගෙන් තවත් ශතකයක්

editorial - 2023 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ යාපනය කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) ආරම්භ වූ තරගයේදී  ශතකයක් ලබාගැනීමට මහනුවර කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ සමත් විය. මෙම තරගාවලියේදී අහන් ලබාගත් දෙවැනි ශතකය මෙය විය. 

සෙසු පිතිකරුවන්ට පිත්තෙන් වැඩි යමක් කිරීමට නොහැකි වුවද, අහන්ගේ ශතකය හේතුවෙන් සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 265 ක් ලබාගැනිමට මහනුවර කණ්ඩායමට හැකි විය. පන්දු 108 කදී වාර්තා වූ අහන්ගේ වේගවත් ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 13 කින් සමන්විත විය. 

ඕෂධ ප්‍රනාන්දු හතරේ පහර 5 ක් සමග ලකුණු 33 ක්ද, සඳුන් වීරක්කොඩි හතරේ පහර 5 ක් සමග ලකුණු 36 ක්ද, නිරෝෂන් දික්වැල්ල හතරේ පහර 4 ක් සමග ලකුණු 21 ක්ද රැස්කරමින් මහනුවර කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා අහන්ට අනගි සහායක් ලබාදුන්හ. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශෂික දුල්ෂාන් ලකුණු 10 කට කඩුලු 4 ක් බිඳහෙළු අතර මහනුවර පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ඔහුට මනා සහයෝගයක් දුන් බිනුර ප්‍රනාන්දු ලකුණු 34 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් විය. 

පළමු දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි යාපනය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 93 ක් ලබා සිටි අතර ඒ වන විට කඩුල්ලේ රැදී සිටි ජනිත් ලියනගේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 41 ක් ලබා සිටියේය. 

මහනුවර පිල පළමු ඉනිම - ඕවර 66.1 කදී සියලු දෙනා දැවි 265 
(ඕෂධ ප්‍රනාන්දු 33, සඳුන් වීරක්කොඩි 36, නිරෝෂන් දික්වැල්ල 21, අහන් වික්‍රමසිංහ 101, වනුජ සහන් 22, අම්ෂි ද සිල්වා 17, ශෂික දුල්ෂාන් 10/4, බිනුර ප්‍රනාන්දු 34/3, රවිඳු ප්‍රනාන්දු 55/2) 

යාපනය පිල පළමු ඉනිම - ඕවර 21 කදී කඩුලු 3 ක් දැවි 93 
(නවෝද් පරණවිතාන 45, ජනිත් ලියනගේ නොදැවී 41, ළහිරු කුමාර 17/2)

 


අදහස් (0)

අහන්ගෙන් තවත් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.