Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අසාර් විදුහලට පළමු ඉනිමේ ජයක්

අසාර් විදුහලට පළමු ඉනිමේ ජයක්

Nisanka Sandeepani - 2018 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වන කොටසේ තරගයකදී මාතලේ විජය ජාතික පාසලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට අකුරණ අසාර් විදුහල ඊයේ (24) සමත්විය. මෙම තරගය මාතලේ හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

නොදැවී ලකුණු 72 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අසාර් විදුහලේ සයිඞ් නලීන් ලකුණු 24 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීය. යුසූෆ් රිල්වාන් ශතකය පෙනි පෙනී ලකුණු 95 ක් දැවී ගියේය.

විජය ජාතික පාසල් පළමු ඉනිම - ඕවර 21 කදී සියලුදෙනා දැවී 81
(ශෙහාන් බණ්ඩාර 44, සයිඞ් නලීන් 12/4, අතීක් මින්සාර් 24/3)

අසාර් විදුහල් පළමු ඉනිම - ඕවර 41 කදී කඩුලු 3 ක් දැවී 207
(යුසූෆ් රිල්වාන් 95, සයිඞ් නලීන් නොදැවී 72)


අදහස් (0)

අසාර් විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.