ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද පැවැත්වෙන තරගයට මහේල වෙනුවෙන් අෂාන් ප‍්‍රියංජන් කැදවුවද ඔහු තරගයට ක‍්‍රීඩා නොකරන බව ශ‍්‍රී ලංකා පිලේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතා පැවසීය.
මහේල වෙනුවට චන්දිමාල් කැදවූයේ නම් මීට වඩා ප‍්‍රයෝජනවත් යැයි සිතන්නේ ද යැයි කළ ප‍්‍රශ්නයට සොයිසා මහතා මෙසේ පිළිතුරු සැපයීය.
”අෂාන් සංචිතයට කැදවා තිබෙන්නේ මහේලගේ අඩුව ආවරණය කිරීමටයි. ඔහු හෙට තරගයට ක‍්‍රීඩා කරන්නේ නෑ”
”මහේලගේ ස්ථානයට ක‍්‍රීඩා කරන්නේ කවුද කියලා මේ දක්වා තීරණය කර නෑ.
මේ තිබෙන තත්ත්වය අනුව තරගය පවත්වන්න පුඵවන් වෙයිද දන්නෙත් නෑ” යැයි කළමණාකරු වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.