ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස්, චෙන්නායි සුපර් කිංග්ස්, කිංග්ස් XI පන්ජාබ් සහ හෝර්බාට් හරිකේන්ස් කණ්ඩායම් සමත් විය.
ඒ අනුව ඔක්තෝම්බර් මස 2 වැනිදා හයිද්‍රාබාද් හිදී පැවැත්වෙන අවසන් පුර්ව වටයේ තරග වලදී කොල්කටා නයිට්රයිඩර්ස් පිල, හෝර්බාට් හරිකේන්ස් පිලට එරෙහිවද, චෙන්නායි සුපර් කිංග්ස් පිල, කිංග්ස් ඞෂ පන්ජාබ් පිලට එරෙහිවද තරග වැදීමට නියමිතය.
‘ඒ’ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් කොල්කටා නයිට්රයිඩර්ස් පිල, තමන් සහභාගී වූ තරග 4 ම ජයගනිමින් ප‍්‍රසාද ලකුණු 16 ක් සමග එම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්විය.
අවසන් පූර්ව වටයට ‘ඒ’ කාණ්ඩයෙන් සුදුසුකම් ලබාගත් අනෙක් කණ්ඩායම වූ චෙන්නායි සුපර් කිංග්ස් පිලට ජය ගත හැකිවූයේ තරග 2 ක් පමණි. ඔවුන් සහභාගී වූ එක් තරගයක් වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදුවිය. ඔවුන් ලද ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 10 කි.
තමන් සහභාගී වූ තරග 4 ම ජයගත් කිංග්ස් ඞෂ පන්ජාබ් පිල ප‍්‍රසාද ලකුණු 16 ක් සමග ‘බී’ කාණ්ඩයෙන් පෙරමුණ ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
‘බී’ කාණ්ඩයේ දෙවැනියා ලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් හෝර්බාට් හරිකේන්ස් පිල, සහභාගී වූ තරග 4 න් 3 න් ජයගත් අතර කිංග්ස් ඞෂ පන්ජාබ් පිල සමග පැවැති තරගය පමණක් පරාජයට පත්විය. ඔවුන් ලබා සිටි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 12 කි.
තරගාවලියේ අවසන් මහ තරගය ඔක්තොම්බර් මස 4 වැනිදා පස්වරු 8.00 සිට බැන්ගලෝර්හි චින්නස්වාමි කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
| ඒ කාණ්ඩය | ||||||
| කණ්ඩායම | තරග | ජය | පරාජ | විසඳුමක් නැති | ප‍්‍රසාද ලකුණු | සාමාන්‍ය |
| කොල්කටා නයිට්රයිඩර්ස් | 4 | 4 | 0 | 0 | 16 | 0.716 |
| චෙන්නායි සුපර් කිංග්ස් | 4 | 2 | 1 | 1 | 10 | 0.945 |
| පර්ත් ස්කෝර්චර්ස් | 4 | 2 | 2 | 0 | 8 | -0.038 |
| ලාහෝර් ලයන්ස් | 4 | 1 | 2 | 1 | 6 | -0.051 |
| ඩොල්*sන්ස් | 4 | 0 | 4 | 0 | 0 | -1.338 |
| බී කාණ්ඩය | ||||||
| කණ්ඩායම | තරග | ජය | පරාජ | විසඳුමක් නැති | ප‍්‍රසාද ලකුණු | සාමාන්‍ය |
| කිංග්ස් XI පන්ජාබ් | 4 | 4 | 0 | 0 | 16 | 2.13 |
| හෝර්බාට් හරිකේන්ස් | 4 | 3 | 1 | 0 | 12 | 1.193 |
| බාර්බඩෝස් ට්‍රයිඩන්ට්ස් | 4 | 1 | 3 | 0 | 4 | -0.256 |
| කේප් කෝබ්‍රාස් | 4 | 1 | 3 | 0 | 4 | -0.955 |
| නොදර්න් දිස්ත්‍රික් | 4 | 1 | 3 | 0 | 4 | -2.667 |
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.