Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අවසන් පූර්ව තරග දෙකට විවේක දින
නැෂනල් සුපර් ලීග් තරගාවලිය

අවසන් පූර්ව තරග දෙකට විවේක දින

editorial - 2022 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය ලෙසින් ඉදිරියේදී නම්කරනු ලැබීමට නියමිත නැෂනල් සුපර් ලීග් (ජාතික සුපිරි ලීගය) තරගාවලියේ අවසන් පූර්ව තරග දෙක සඳහාම හෙට (03 වැනිදා - ඉරිදා) දිනය විවේක දිනයක් ලෙසින් නම්කර තිබේ. මෙම අවසන් පූර්ව තරග දෙකම හෙටින් අවසන් වීමට නියමිතව තිබූ නමුත් මේ වන විට දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් තරග දෙකේදීම සිව්වැනි දිනය විවේක දිනයක් කර අවසන් දිනය ලෙසින් සඳුදා නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

මෙම තරග දෙකම පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අයත් පල්ලෙකැළේ සහ හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණ වල බැවින් කිසිදු අපහසුවකින් තොරවම තරගයේ දින දීර්ඝ කරගත හැකිව තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශකයෙක් පැවසීය.

කොළඹ කණ්ඩායම සහ යාපනය පිල අතර හම්බන්තොට ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ තුන්වැනි දිනය වූ අද (02 වැනිදා) නිමාවන විට යාපනය කණ්ඩායම, කඩුලු 10 ක් අතැතිව, ජයග්‍රහණයට ලකුණු 67 ක් මෑතින් සිටියේය. නවෝද් පරණවිතාන (නොදැවී 15) සහ නිෂාන් මධුෂ්ක (නොදැවී 10) එක්ව යාපනය පිල ජයටැඹ කරා කැඳවාගෙන යමින් සිටියහ.

මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයට අවස්ථා කිහිපයකදීම වර්ෂාවෙන් බාධා පැමිණි හෙයින් එම තරගයේ නම් විසඳුමක් පෙනෙන තෙක් මානයේ නොවීය. මහනුවර පිල ලබාගත් ලකුණු 458 කට සාර්ථක පිළිතුරක් දෙමින් සිටින ගාල්ල පිතිකරුවෝ තරගයේ තුන්වැනි දිනය වූ අද සවස ක්‍රීඩාව නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 147 ක් ලබා සිටියහ.


■ හම්බන්තොට අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
කොළඹ - පළමු ඉනිම 272 යි
යාපනය - පළමු ඉනිම 339 යි
කොළඹ - දෙවැනි ඉනිම 158 යි

(කුසල් මෙන්ඩිස් 39, සිතාර ගිම්හාන් 18, මාධව වර්ණපුර 12, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 54, ලක්ෂිත මානසිංහ 15, කසුන් රාජිත 13, ධනංජය ද සිල්වා 55/2, දිලුම් සුධීර 35/3, ජෙෆ්රි වැන්ඩසේ 22/2)
යාපනය - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 25 යි
( නවෝද් පරණවිතාන නොදැවී 15, නිෂාන් මධුෂ්ක නොදැවී 10)

■ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී
මහනුවර - පළමු ඉනිම 458 යි
ගාල්ල - පළමු ඉනිම කඩුල්ලක් දැවී 147 යි

(සංගීත් කුරේ 44, පබසර වඩුගේ නොදැවී 68, හෂාන් දුමිඳු නොදැවී 24)

 


අදහස් (0)

අවසන් පූර්ව තරග දෙකට විවේක දින

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.