Last Update  :  2026-04-01 16:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අර්වින් ජයවර්ධන සමුගනී

අර්වින් ජයවර්ධන සමුගනී

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවේ සාමාජිකයකු මෙන්ම කුරුණෑගල කි‍්‍රකට් සමාජයේ සභාපතිවරයාද වූ අර්වින් ජයවර්ධන මහතා හදිසියේ අභාවප‍්‍රාප්ත විය.

1990 දශකය මැද භාගයේ සිටම ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව හා දැඩිව සම්බන්ධවී සිටි අර්වින් ජයවර්ධන මහතා ශී‍්‍ර ලංකා කණ්ඩායම 1996 දී ලෝක කුසලාන දිනාගැනීමට පෙර එවකට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වූ ආනා පුංචිහේවා මහතා සමග ඉතා වෙහෙසී කටයුතු කළ අයෙකි. ජයවර්ධන මහතා වසර 2012 කි‍්‍රකට් නිලවරණයේදී එකිනෙනා හා විරසකව සිටි පාර්ශ්වයන් දෙකක් සමගි කිරීමේ බලවත් උත්සාහයක යෙදුණ නමුත් එය අසාර්ථක විය.

ජයවර්ධන මහතාගේ දේහය අද (13 වැනිදා) පස්වරු 6.00 වන තුරු බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තබා ඇති අතර අනතුරුව මහනුවර හන්තානේ, තපෝධනාරාමය පාරේ පිහිටි ඔහුගේ නිවස බලා ගෙනයනු ඇත.

ආදාහන කටයුතු 17 වැනි ඉරිදා පස්වරු 3.30 ට මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.


අදහස් (2)

අර්වින් ජයවර්ධන සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.