Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අම්බලන්ගොඩ සුනීල සංග‍්‍රාමය වැට උඩ

අම්බලන්ගොඩ සුනීල සංග‍්‍රාමය වැට උඩ

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

අම්බලන්ගොඩ ප‍්‍රධානතම පාසල් දෙකක් වන ධර්මාශෝක විදුහල සහ දේවානන්ද විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන ‘සුනිල සංග‍්‍රාමය’ වාර්ෂික කි‍්‍රකට් තරගය මේ වසරේදී පැවත්වීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වේ. මේ වසරේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙවිදුහල් අතර 51 වැනි මහ කි‍්‍රකට් තරගයයි.

ඒ සම්බන්ධයෙන් ධර්මාශෝක විදුහලේ විදුහල්පති සුමිත් පරාක‍්‍රමවංශ මහතාගෙන් කළ විමසීමකදී විදුහල්පතිවරයා මෙසේ පැවසීය.

”ගිය වසරේ (2013) ධර්මාශෝක - දේවානන්ද වාර්ෂික කි‍්‍රකට් තරගයේ සත්කාරකත්වය දැරුවේ අපේ විද්‍යාලයයි. ඒ අනුව මේ වසරේ (2014) එම තරගයේ සත්කාරකත්වය දරන්නේ දේවානන්ද විද්‍යාලයයි”

මෙතෙක් පැවති සාම්ප‍්‍රදායික පිළිවෙල නම් සත්කාරකත්වය දරණ විදුහලෙන් අනෙක් විදුහලට ආරාධනා කරන්න යුතුය. ඒ අනුව මේ වසරේ කි‍්‍රකට් තරගය සඳහා දේවානන්ද විදුහල විසින් ධර්මාශෝක විදුහලට ආරාධනා කළ යුතුවන අතර අනතුරුව දෙවිදුහලම ඒ පිළිබඳව සාකච්ඡවට පිවිසෙයි.

”තවම අපිට මේ කි‍්‍රකට් තරගය පැවැත්වීම සඳහා දේවානන්ද විදුහලේ ආරාධනාවක් ආවේ නැහැ. එවැනි ආරාධනාවක් ආවොත් පමණයි ඊට අපේ ප‍්‍රතිචාරය දක්වන්නේ” යයිද පරාක‍්‍රමවංශ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී දේවානන්ද විදුහලේ විදුහල්පති ඉන්ද්‍රරත්න කළුආරච්චි මහතාගෙන් විමසා සිටීමට උත්සාහ කළද විදුහල්පතිවරයා සම්බන්ධ කර ගැනීමට නොහැති විය.

දේවානන්ද විද්‍යාලයේ ගුරු මහත්මයකුගෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී දැනගත හැකිවූයේ පසුගිය වසරේ මහ ක‍්‍රිකට් තරගයේදී ගැටුම්කාරි තත්ත්වක් ඇතිවූ බැවින් මෙවර තරගය පැවැත්වීම පිළිබඳව මේ වන විට ආදි ශිෂ්‍යයන් සහ පාසලේ පරිපාලනය සාකච්ඡ කරමින් සිටින බවයි.

”පසුගිය වසරේ තරගයේදී අප විදුහලට සම්බන්ධ පාර්ශවයක් විනිසුරුවන්ට පහර දුන් බවට පළවූ වාර්තා නිසා විනිසුරුවන් අපේ තරග වර්ජනය කරන තත්ත්වයක් ඇති වුණා. එනිසා අපි දැඩි අපහසුතාවට පත්වුණා. පසුව සාකච්ඡුා කරලයි අපි එය සමථයකට පත්කර ගත්තේය”

”මෙතන ප‍්‍රශ්නයක් තියෙනවා, අපි සාකච්ඡුා කරමින් ඉන්නවා” යැයිද ආචාර්යවරයා වැඩි දුරටත් පැවසීය.


අදහස් (2)

අම්බලන්ගොඩ සුනීල සංග‍්‍රාමය වැට උඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.