ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය වාර්ෂිකව මෙහෙයවන ‘ඩයලොග්’ කුසලාන අන්තර් සමාජ පළමු කොටසේ රග්බි තරගාවලිය ආරම්භ කරමින් හම්බන්තොට ශාක්ස් පිල සහ නාවික හමුදා පිල අතර තරගය හෙට (31) බෙලිඅත්ත ඞී. ඒ. රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම සති අන්තයේ තවත් තරග තුනක් පැවැත්වෙන අතර ගුවන් හමුදාව සහ මහනුවර ක‍්‍රීඩා සමාජය අතර තරගය රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදීද, පොලිස් පිල සහ හැව්ලොක්ස් පිල අතර තරගය බම්බලපිිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදීද, සෙනසුරාදා (01 වැනිදා) පැවැත්වේ.
යුද හමුදාව සහ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල අතර තරගය ඉරිදා (02) පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.
සියලූම තරග පස්වරු 4.00 ට ආරම්භ විමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.