Last Update  :  2025-12-03 17:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අන්තර් සමාජ ක්‍රිකට් තරග මෙම සති අන්තයේ සිට

අන්තර් සමාජ ක්‍රිකට් තරග මෙම සති අන්තයේ සිට

editorial - 2025 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් කල් දැමූ අන්තර් සමාජ ක්‍රිකට් තරග මෙම සති අන්තයේ සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය එළබෙන සෙනසුරාදා (6 වැනිදා) සිටත්, අන්තර් සමාජ ‘බී’ කොටසේ ක්‍රිකට් තරගාවලිය අනිද්දා (5 වැනිදා) සිටත් ආරම්භ කෙරෙනු ඇත. 

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ තරග පමණක් සෙනසුරාදා සිට සඳුදා දක්වා පැවැත්වෙන අතර සෙසු සියලුම සතිවලදී සිකුරාදා සිට ඉරිදා දක්වා තරග පැවැත්වීමට නියමිතය. 

මින් පෙර මෙම තරගාවලි දෙකම නොවැම්බර් මස 28 වැනිදා ආරම්භ කිරීමට කටයුතු යොදා තිබූ අතර අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ජනවාරි මස 11 වැනිදාත්, අන්තර් සමාජ ‘බී’ කොටසේ ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 7 වැනිදාත් නිමාවට පත්වීමට නියමිතව තිබිණ. 

කණ්ඩායම් 14 ක් සහභාගී වන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩාංගණ 10 කදී පැවැත්වෙන අතර කණ්ඩායම් 12 ක් සහභාගී වන අන්තර් සමාජ ‘බී’ කොටසේ ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩාංගණ 12 කදී පැවැත්වීමට නියමිතය. 

 

පළමු සතියේ තරග 

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය

(දෙසැ. 6 වැනිදා සිට 8 වැනිදා දක්වා) 

■ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අතර පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී 
■ නුගේගොඩ ක්‍රීඩා සමාජය සහ සී.සී.සී. ක්‍රිකට් සමාජය අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී 
■ පොලිසිය සහ පානදුර ක්‍රීඩා සමාජය අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී 
■ මුවර්ස් ක්‍රීඩා සමාජය සහ බී.ආර්.සී. ක්‍රිකට් සමාජය අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
■ කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය සහ ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
■ ද්‍රවිඩ සංගම් ක්‍රිකට් සමාජය සහ බදුරලිය ක්‍රිකට් සමාජය අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී 


අන්තර් සමාජ ‘බී’ කොටසේ ක්‍රිකට් තරගාවලිය 

(දෙසැ. 5 වැනිදා සිට 7 වැනිදා දක්වා) 
■ ගාල්ල ක්‍රිකට් සමාජය සහ මොරටුව ක්‍රීඩා සමාජය අතර අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේදී 
■ නාවික හමුදාව සහ යුද හමුදාව අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී 
■ යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය සහ මැලේ ක්‍රිකට් සමාජය අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
■ සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය සහ ලියෝ ක්‍රිකට් සමාජය අතර සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේදී 
■ මහනුවර රේගු ක්‍රීඩා සමාජය සහ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය අතර දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී
■ මීගමුව ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී 


අදහස් (0)

අන්තර් සමාජ ක්‍රිකට් තරග මෙම සති අන්තයේ සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.