වයස 15 න් පහළ ප්‍රිමා කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය බස්නාහිර පළාත් දකුණ සහ බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම් අතර හෙට (27 වැනිදා) සහ අනිද්දා (28 වැනිදා) එස්. එස්. සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තරගය පැවැත්වෙන දින දෙකේදීම එය චැනල් අයි නාලිකාව ඔස්සේ සජීවි ලෙස විකාශනය කිරීමට කිරීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සූදානමින් සිටියි.
මෙම තරගය මේ මස 9 වැනිදා සහ 10 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද, ඒ දිනවල පැවැති වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් තරගය කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.