Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට ශී‍්‍ර ලංකාවේ සහයෝගය

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට ශී‍්‍ර ලංකාවේ සහයෝගය

ශනුක අරවින්ද - 2014 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ව්‍යවස්ථාමය වෙනස්කම් සම්බන්ධයෙන් සහයෝගය දීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව ඊයේ (17 වැනිදා) ඒකමතිකව එකග විය.

ඇතිවී තිබෙන තත්ත්වය අනුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ අනාගතය වෙනුවෙන් ගතහැකි එකම කි‍්‍රයාමාර්ගය මෙය බවත් සියලූම ව්‍යවස්ථා සහ කෙටුම්පත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ බහුතර සාමාජිකත්වයෙන් අනුමත වී තිබියදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට පමණක් රැල්ලට එරෙහිව පිහිනා යා නොහැකි බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටු සාමාජිකයෙක් පැවසීය.

මේ මස 8 වැනිදා සිංගප්පූරුවේදී පැවැති අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ව්‍යවස්ථාමය වෙනස්කම් අනුමත කිරීමේ රැස්වීමේදී ඊට පක්‍ෂව හෝ විපක්‍ෂව ඡුන්දය දීමෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නියෝජිතයෝ වැළකී සිටියහ. එහෙත් ඊට පෙර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටු ස්ථාවරය වූයේ මෙම යෝජනා මාලාව සම්බන්ධයෙන් විරෝධය ප‍්‍රකාශ කළ යුතු බවයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන විධායක කමිටු ස්ථාවරයේ වෙනස්වීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් කළ විමසීමකදී රණතුංග මහතා පවසා සිටියේ අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ව්‍යවස්ථාමය වෙනස්කම් සම්බන්ධයෙන් වූ කෙටුම්පත වරින් වර සංශෝධනය කෙරුණු බවත් ඊට පක්‍ෂව හෝ විපක්‍ෂව ඡුන්දය ප‍්‍රකාශ කිරීමෙන් එම අවස්ථාවේදී වැළකී සිටියේ අදාළ වෙනස්කම් සම්බන්ධයෙන් වඩාත් විමිසිලිමත් විය යුතු වූ නිසා බවත්ය.

”කොහොම වුණත් අපි ප‍්‍රතිපත්ති ගැන විතරක් කතා කරලා බෑ. අපේ රටේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ අනාගතයත් දියුණුවත් සඳහා ලැබෙන මුදල් ගැනත් සාධාරණ තක්සේරුවක් තියෙන්න  ඕනෑ” යයිද නිශාන්ත රණතුංග මහතා පැවසීය.

සිංගප්පූරු රැස්වීමෙන් පසුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව ඊයේ (17 වැනිදා) රැස්වූ අවස්ථාවේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ස්ථාවරය පිළිබඳ සාකච්ඡවට ගැනිණ. එහිදී විධායක කමිටුවේ ඒකමතික තීරණය වූයේ ඉදිරියේදී අන්තර්ජාතික කි‍්‍රකට් සභාව සමග එක්වී කටයුතු කළ යුතු බවත් ඒ සඳහා සහයෝගය දිය යුතු බවත්ය.

මේ අතර ද්වි පාර්ශ්වික තරගාවලි සකස් කර ගැනීම සඳහා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ සාමාජික රටවල් සමග සාකච්ඡ කරන ලෙසත් ඒ ඇසුරින් ඉදිරි තරග සැලැස්ම නිර්මාණය කරගන්නා ලෙසත් අදාළ නිලධාරීන්ට අනුමැතිය දී තිබේ.
 


අදහස් (1)

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට ශී‍්‍ර ලංකාවේ සහයෝගය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.