Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අතුරු කමිටුව ගැන සාකච්ඡා සාර්ථකයි.

අතුරු කමිටුව ගැන සාකච්ඡා සාර්ථකයි.

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට අතුරු කමිටුවක් පත් කිරීම පිළිබදව අනතර්ජාතික කිි‍්‍රකට් කවුන්සිලය තුළ ඇති අනවබෝධ තත්තවයන් දුරලීමට මෙන්ම ඒ සම්බන්ධයෙන් පැවැති ගැටළුකාරී තත්ත්වයන් නිරාතකරණය කරගැනීමට හැකිවූ බව සංචාරක හා කී‍්‍රඩා අමාත්‍යංශය නිවේදනවයක නිකුත් කරමින් කියයි.

පසුගිය (6 වැනිදා) සංචාරක හා කී‍්‍රඩා අමාත්‍ය නවීන් දිසානායක, කි‍්‍රකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි, ලේකම් ප‍්‍රකාශ් ශාෆ්ටර්, සහ සාමාජික නුෂ්කි මොහොමඞ් යන මහත්වරුන් සහ ජාත්‍යන්තර ක‍්‍රිකට් සභාවේ ප‍්‍රධාන විධායක ඬේව් රිචඞ්සන් සහ එහි උපදේශක ඉයන් හිඟින්කස් යන මහත්වරු ඩුබායි පිහිටි ජාත්‍යන්තර කි‍්‍රකට් සභාවේ කාර්යාලයේදී හමුවූ වබත් එහිදී අතුරු කමිටුව පිළිබදව මෙන්ම අනෙකුත් ගැටළුකාරී තත්තවයන් පිළිබදව සාකච්ඡා පැවැත්වූ බවත් කී‍්‍රඩා අමාත්‍යංශය පසුගිය 8 වැනිදා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මෙම සාකච්ඡාවේදී කි‍්‍රකට් අතුරු පාලක කමිටුව හා එහි වත්මන් තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ක‍්‍රිකට් සභාවේ අවධානය යොමුව ඇති අතර අතුරු කමිටුව පිළිබඳ සිය ස්ථාවරය ඇමැතිවරයා පැහැදිලිකර ඇත. මෙම සාකච්ඡාව සාර්ථකව නිම වුූ බවත් කී‍්‍රඩා අමාත්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ සදහන්.

 


අදහස් (0)

අතුරු කමිටුව ගැන සාකච්ඡා සාර්ථකයි.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.