Last Update  :  2024-10-07 23:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සංගා එංගලන්ත පුහුණුකරු තනතුර අබියස

සංගා එංගලන්ත පුහුණුකරු තනතුර අබියස

editorial - 2024 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත සීමිත ඕවර කණ්ඩායමේ පුහුණුකරු මැතිව් මොට් ඉවත්කර ඇතැයි අන්තර්ජාතික ප්‍රවෘත්ති සේවා වාර්තා කරයි. මැතිව් මොට්ගෙන් හිස්වූ ස්ථානය සඳහා සහාය පුහුණුකරු මාකස් ටේ‍රස්කොතික් පත්කර ඇතත් නව පුහුණුකරුවකු සෙවීමේදී ශ්‍රී ලංකාවේ හිටපු නායක කුමාර් සංගක්කාර ඉදිරියෙන්ම සිටින බව එංගලන්තයේ ‘ද ටෙලිග්‍රාෆ්’ පුවත් පත කියයි.

“මෙම තනතුරට පත්වීමේ ආසන්නතම සම්භාවිතාව ඇත්තේ දැනට ‘රාජස්තාන් රෝයල්ස්’ කණ්ඩායමේ (ජොස් බට්ලර් ක්‍රීඩා කරන අයි.පී.එල්. කණ්ඩායමේ) ප්‍රධාන පුහුණුකරුවා වන කුමාර් සංගක්කාරය” යයි ද ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය පසුගිය 28 වැනිදා වාර්තා කළේය. 

පසුගිය ජූනි මාසයේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව හමුවේ එංගලන්තය පරාජය වීම හේතුවෙන් මැතිව් මොට්ට සිය ධූරය අමිහි වූ බව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරයි. කෙසේ වෙතත් මෙවර ගිම්හානයේදී ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව පැවැත්වෙන සීමිත ඕවර තරගාවලිය දක්වාම මාකස් ටේ‍රස්කොතික් එංගලන්ත පුහුණුකරුවා වශයෙන් කටයුතු කිරීමට නියමිතය. 

වසර 2022 දී එංගලන්ත සීමිත ඕවර කණ්ඩායමේ පුහුණුකරුවා වූ මැතිව් මොට්, එම වසර අවසානයේදී විස්සයි-20 ලෝක කුසලාන එංගලන්තයට දිනා දුන්නේය. 

රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වය දරන ජොස් බට්ලර් තවදුරටත් එංගලන්ත එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් දෙකේම නායකත්වය දරනු ඇතැයි වාර්තා වේ. 

එංගලන්ත පිලට දීර්ඝ කාලීන පුහුණුකරුවකු සෙවීමේදී ඕස්ටේ්‍රලියානු පිලේ හිටපු පිතිකරු මයික් හසී සහ ඇෆ්ඝනිස්ථානු පිලේ පුහුණුකරු ජොනතන් ට්‍රොට් පිළිබඳවද අවධානය යොමුවී පවතින බව ටෙලිග්‍රාෆ් වාර්තාවෙන් කියැවෙයි. 


අදහස් (0)

සංගා එංගලන්ත පුහුණුකරු තනතුර අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.