Last Update  :  2026-01-16 18:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football නේපාලය 2-1 කින් ශ්‍රී ලංකාව පරදවයි

නේපාලය 2-1 කින් ශ්‍රී ලංකාව පරදවයි

editorial - 2026 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ සංවිධානත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවරදී පළමු වරට පැවැත්වෙන දකුණු ආසියානු ෆුට්සාල් පාපන්දු තරගාවලියේ අද (16 වැනිදා) පැවැති තරගයකදී ගෝල 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කිරීමට නේපාලය සමත් විය.

තරගයේ 10 වැනි විනාඩියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කළ මොහොමඩ් ශාජන් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. එහෙත් 15 වැනි විනාඩියේදී නේපාලය වෙනුවෙන් ගෝලයක් ලබාගත් සරෝජ් තමන්ග් පළමු අර්ධය නිමාවට පත්වන විට ගෝල 1-1 ක් ලෙස තරගය සම තත්වයට පත්කළේය. 

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩියක් ගතවන විට එනම් තරගයේ 21 වැනි විනාඩියේදී නේපාලය වෙනුවෙන් තවත් ගෝලයක් වාර්තා කළ සරෝජ් සිය කණ්ඩායම 2-1 ක් ලෙස තරගයේ පෙරමුණට ගෙන ආවේය. ඉතිරි විනාඩි 19 පුරා දෙපිලටම ගෝල වාර්තා කිරිමට නොහැකි වූ බැවින් ගෝල 2-1 ක් ලෙස තරගයේ ජය නේපාලය සතු විය. 

කෙසේ වුවත් ඉකුත් බදාදා (14 වැනිදා) භූතානයට එරෙහිව පැවැති තරගය ගෝල 3-3 ක් ලෙස සමව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් එම තරගයේ 8 වැනි සහ 18 වැනි විනාඩිවලදී අකීබ් ෆයිසා්ල්ද, 36 වැනි විනාඩියේදී මොහොමඩ් තිල්හාම්ද ගෝල ලබාගත්හ. 

මාලදිවයින, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, භූතානය, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය යන කණ්ඩායම් 7 හි සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ලීග් ක්‍රමයට අනුව පැවැත්වෙන අතර තරගාවලිය අවසානයේ ලකුණු සටහනේ පෙරමුනේ රැදී සිටින කණ්ඩායම ශූරයන් බවට පත්වනු ඇත.
 
එහිදී ශ්‍රී ලංකාව සහභාගි වන සෙසු තරග 18 වැනිදා පාකිස්තානයට එරෙහිවත්, 20 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත්, 24 වැනිදා ඉන්දියාවට එරෙහිවත්, 26 වැනිදා මාලදිවයිනට එරෙහිවත් පැවැත්වෙනු ඇත. 22 වැනිදා සෙසු කණ්ඩායම් සඳහා තරග පැවැතියද ශ්‍රී ලංකාවට විවේකී දිනයක් බවට පත්වනු ඇත. 


- 036 


අදහස් (0)

නේපාලය 2-1 කින් ශ්‍රී ලංකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.