Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ 12 වැනි තරගය ලෙස කොළඹ කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම ඊයේ (16 වැනිදා) සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය කොළඹ ක්‍රීඩකයෝ ඕවර 25.3 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 25 ක් රැස්කළ චමිඳු වික්‍රමසිංහ කොළඹ කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.
ආරම්භක පිතිකරුවන් වූ අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 40 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 41 ක්ද, කුසල් පෙරේරා පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 46 ක්ද රැස්කරමින් කොළඹ කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූහ. නායක චරිත් අසලංක පන්දු 42 කදී ලකුණු 32 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය කණ්ඩායමට ඕවර 31.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 161 ක් පමණි. යාපනය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මොහොහඩ් ශමාෂ් පන්දු 53 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 41 ක් රැස්කළේය.
දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ කවිඳු නදීෂාන් ලකුණු 35 කට කඩුලු 3 ක්ද, අක්මාල් ෆස්ලි ලකුණු 41 කට කඩුලු 3 ක්ද දවාගනිමින් යාපනය ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළහ. ඒ සඳහා ඔවුන්ට අනගි සහායක් දුන් දසුන් ශානක සහ ප්‍රමෝද් මධුෂාන් කඩුලු 2 බැගින් දවාගත්හ.
යාපනය පිල - ඕවර 31.4 කදී සියලු දෙනා දැවී 161
(හසිත බෝයගොඩ 21, මොහොමඩ් ශමාෂ් 41, ළහිරු මධුෂංක 18, පුලින තරංග 15, බිනුර ප්‍රනාන්දු නොදැවී 21, කවිඳු නදීෂාන් 35/3, අක්මාල් ෆස්ලි 41/3, දසුන් ශානක 22/2, ප්‍රමෝද් මධුෂාන් 36/2)
කොළඹ පිල - ඕවර 25.3 කදී කඩුලු 5 ක් දැවී 163
(අවිෂ්ක ප්‍රනාන්දු 41, කුසල් පෙරේරා 46, චරිත් අසලංක 32, චමිඳු වික්‍රමසිංහ නොදැවී 25, පුලින තරංග 21/2, සඳුන් වීරක්කොඩි 25/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.